Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ‘රණතුංග’ පාර්ශවය නියෝජනය කරමින් ජයග්‍රහණය කළ එකම නිලධාරියා වූ, හිටපු උප සභාපති කේ. මතිවානන් මහතා නව විධායක කමිටුවේ පළමු රැස්වීමට සහභාගි වී නැත.
නිලවරණය පැවැති පසුගිය 21 වැනිදා පස්වරුවේ සභාපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී නිලවශයෙන් වැඩ බාරගත්ත ද මතිවානන් මහතා මේ දක්වා ක්‍රිකට් ආයතනයට පැමිණ නැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ මතිවානන් මහතා කමිටු දෙකකට පත්කළත් ඒ මහතා එය ප්‍රතික්ෂේප කළ බවයි.
“අපි ඒ මහත්මයව කමිටුවලට දැම්මා ඔහු ඒවා බෑ කියනවා. ඔහු කැමති කමිටුවලට දාන්න අපිට බෑනේ” යැයි ක්‍රිකට් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.