Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මතිවානන්ට කුඩම්මාගේ සැලකිල්ල

මතිවානන්ට කුඩම්මාගේ සැලකිල්ල

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන කේ. මතිවානන් මහතාගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ පිහිටි නිල කාර්යාල කාමරය යතුරු දමා වසා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කිරීමෙන් ඒ මහතා දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් මතිවානන් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා ලෙස සේවය කිරීමේ අවස්ථාව අහිමිවන තත්ත්වයක් උද්ගත වී තිබෙන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා පත්කළ කමිටුවේ සභාපති ධූරයට මතිවානන් මහතා පත්කර ඇති නමුත් මතිවානන් මහතා එම ධූරය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවෙන් උප සභාපතිවරුන් දෙදෙනාට දේශීය සහ අන්තර්ජාතික ක්‍රිකට් පරිපාලනය බාරදිය යුතුව තිබුණ ද මතිවානනන් මහතාගේ අවස්ථාව වැළක්වන තත්ත්වයක් උද්ගත වී ඇති බව ක්‍රිකට් මූලස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී ශම්මි සිල්වා මහතා පැවසුවේ මතිවානන් මහතා කමිටු දෙකකට පත්කළත් ඒ මහතා එය ප්‍රතික්ෂේප කළ බවයි.

“අපි ඒ මහත්මයව කමිටුවලට දැම්මා ඔහු ඒවාට බෑ කියනවා. ඔහු කැමති කමිටුවලට දාන්න අපිට බෑනේ” යැයි ක්‍රිකට් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

මතිවානන්ට කුඩම්මාගේ සැලකිල්ල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.