Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
ජාතික මහා ක්‍රීඩා උළලේදී පිරිමි චෙස් ශූරතාව මධ්‍යම පළාත විසින් දිනාගන්නා ලදි. කාන්තා ශූරතාව බස්නාහිර පළාත විසින් දිනා ගන්නා ලදි. ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ මේ තරගාවලිය එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. තරගාවලියේ පිරිමි අනුශූරතාව සබරගමුව පළාත දිනා ගත් අතර කාන්තා අනු ශූරතාව බස්නාහිර පළාතට හිමිවිය.
පළාත් නවයේම පිරිමි හා කාන්තා කණ්ඩායම් නවය බැගින් මේ තරගාවලියට සහභාගීවුහ.
තරග වට නවයකින් සමන්විතවූ මේ තරගාවලියේදී කණ්ඩායම් නවය අතරින් තරග වට නවයෙන් ලකුණු 35 ක් හිමිකර ගත් මධ්‍යම පළාත තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගත්තේය. තරග වට නවයෙන් ලකුණු 34 ක් ලබාගත් සඹරගමු පළාතට එහි අනු ශූරතාවත් තරග වට නවයෙන් ලකුණු 33.5ක් ලබාගත් බස්නාහිර පළාතට එහි තෙවැනි ස්ථානයත් හිමිවිය.
කාන්තා තරගාවලියේ ආරම්භයේ සිටම පෙරමුණේ සිටි බස්නාහිර පළාත තරග වට නවයෙන් ලකුණු 128 ක් හිමිකර ගත්තේ එහි ශූරතාව තමන් සතු කර ගනිමින්ය. තරග වට නවයෙන් ලකුණු 98 ක් ලබාගත් මධ්‍යම පලාතට තරගාවලියේ අනු ශූරතාවත් ලකුණු 64 ක් හිමිකර ගත් දකුණු පළාතට එහි තෙවැනි ස්ථානයත් හිමිවිය.
![]() |
පිරිමි ශූරතාව දිනූ මධ්‍යම පළාත් චෙස් කණ්ඩායම |
![]() |
කාන්තා ශූරතාව දිනාගත් බස්නාහිර පළාත් චෙස් කණ්ඩායම |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.