Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයේදී පසුගියදා අවසන් වූ 13 වැනි ‘සාග්’ ක්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලියේ මාර්ග තරගයේ රන් පදක්කම ශ්‍රී ලංකාවට අහිමිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයකුට එරෙහිව පරීක්‍ෂණයක් පවත්වන බව ජාතික ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික සේනක රණසිංහ මහතා ඊයේ (16) පැවසීය.
කොළඹ පිහිටි ‘ඔලිම්පික් නිවසේදී’ පැවැති මාධ්‍ය හමුවේදී සේනක මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.
“එහි මාර්ග ඉසව්වේදී එක ක්‍රීඩකයෙක් රන් පදක්කම දිනාගැනීම සඳහා ආත්මාර්ථකාමී ලෙස ක්‍රීඩා කළ බවට පුහුණුකරු උපාලි රත්නායක මහතා වාර්තාවක් දීලා තියෙනවා. එහිදී ඒ ක්‍රීඩකයා සැළසුමට පරිබාහිරව කටයුතු කරමින් පොකුරෙන් මිදී ඉදිරියට ගොස් තිබෙනවා”
“ඒ හේතුවෙන් ඉන්දීය ක්‍රීඩකයන්ට තරගය ජය ගන්න අවස්ථාව උදාවුණා කියලා චෝදනාවක් තියෙනවා. අපි ඒ පිළිබඳව පරීක්‍ෂණයක් කරනවා” යැයි රණසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
ප්‍රභාත් මධුෂ්ක නැමැති ක්‍රීඩකයාට මෙම චෝදනාව එල්ල වී ඇති බව ද දැනගන්නට තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.