Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මලියදේව ආදර්ශ - ඉබ්බාගමුව ම.වි තරගය 16 දා

මලියදේව ආදර්ශ - ඉබ්බාගමුව ම.වි තරගය 16 දා

Nisanka Sandeepani - 2019 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යලය සහ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යලය අතර දෙවන වරට සංවිධානය කෙරෙන වාර්ෂික එක්දින සිමීත ඕවර ක්‍රිකට් තරගය මෙම මස 16 වන සෙනසුරාදා කුරුණෑගල ඩී.බී. වෙලගෙදර  ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

විදුහල් දෙකේම ආදි ශිෂ්‍ය සංගම් වල අනුග්‍රහය ඇතිව, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනි නිරෝධා ආබේවිකුම මහත්මිය සහ මලියදේව ආදර්ශ විද්‍යාලයේ විදුහල්පති දිනේෂ් උදිත බංඩාර මහතා විසින් සංවිධානය කරයි.

මෙම විදුහල් අතර මීට පෙර අවස්ථා පහකදී එක්දින ක්‍රිකට් තරග පවත්වා තිබුණද ඒවා මහ ක්‍රිකට් තරග වශයෙන් නොව, සුහද ක්‍රිකට් තරග ලෙසින් පවත්වා තිබේ. 

මෙම සුහද තරගය මහ තරගයක් බවට උසස් කිරීමෙන් පසුව පසුගිය වසරේදී පැවැති එක්දින ක්‍රිකට් තරගයේ ජය ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට හිමිවිය. 

මෙවර තරගයේදි ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාල කණ්ඩායමේ නායකත්වය දිලංක පෙු්මරත්නට පවරා තිබේ. මලියදේව ආදර්ශ කණ්ඩායමෙි නායකත්වයට ළහිරු දිල්ශාන් නම්කර ඇත. මෙම ක්‍රීඩකයන් දෙදෙනාම තුන් ඉරියව් ක්‍රීඩකයෝ වෙති. 

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම
දිලංක පෙු්මරත්න(නායක), ප්‍රසාද් හේරත් (උපනායක), විකුම් මැණික්කුඹුර (කඩුලු රකින්නා) කළණ අබේරත්න, ෂෙහාන් කරුණාරත්න, නිසල් නෙත්සිරි, ගිම්හාන් බණ්ඩාර, සඳරු කීර්තිරත්න, යසිරු ජයරත්න, තරංග ප්‍රේමරත්න, ප්‍රබුද්ධ ප්‍රේමලාල්, රවිඳු ජයසුන්දර, නඳුන් බණ්ඩාර, මධූෂ ඒකනායක, කුලාන් කෝරලේගෙදර සහ ෂාලුක හේරත් 
පුහුණුකරුවෝ : දිලිප් චන්දුසේකර සහ පුසන්න කරුණාවංස යන මහත්වරු

මලියදේව ආදර්ශ කණ්ඩායම 
ළහිරු විජේරත්න (නායක), චාරුකාන්චන සූරියබණ්ඩාර(උපනායක), මිලින්ද ජයසිංහ, ගයාන් විජේසූරිය, වෙනුල් ජයසේකර , ඉමේෂ් සෙනෙවිරත්න, යොහාන් විජේසූරිය, දෙනුවන් පතිරණ, විනූෂ මුණසිංහ, ප්‍රවීන් තෙන්නකෝන්, පමෝද්‍ය රත්නායක, නිපුන්  මෙන්ඩිස්, රන්දික දිල්ශාන්, දිනූජ හසරංග, නාදව වීරකෝන්  සහ පුබුදිත දක්ෂිත, 
පුහුණුකරුවෝ : අමිල මෙන්ඩිස් සහ රැචිර නලීන් යන මහත්වරු 

 

 

 

 


අදහස් (0)

මලියදේව ආදර්ශ - ඉබ්බාගමුව ම.වි තරගය 16 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.