Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මල්ඩර් දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයට

මල්ඩර් දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයට

රොෂාන් ගුණරත්න - 2019 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලබන බදාදා (13 වැනිදා) ආරම්භවන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට නමිකරන ලද 13 දෙනෙකුගෙන් සමන්වික දකුණු අප්‍රිකානු සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මල්ඩර් ඇතුළත් කර ඇත.


ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියටද වියාන් මල්ඩර් නම්කර සිටි නමුත් අවසන් 11 දෙදෙනාට ඔහු ඇතුළත් වූයේ නැත.


පසුගිය වසරේ සිම්බාබ්වේට එරෙහිව පැවැති තරගාවලියේදී ආබාධයකට ලක්වූ මල්ඩර් පළමු පෙළ තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් නැවතත් ජාතික කණ්ඩායමට කැදවීමට තේරීම් කම්ටුව පියවර් ගෙන තිබේ.

 

දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය
ෆැෆ් ඩු ප්ලෙසීස් (නායක), හසීම් අම්ලා, ටෙම්බා බවුමා, තෙවුනිස් ඩි බ්‍රයන්, කුයින්ටන් ඩිකොක්, ඩීන් එල්ගා, සුබෙයිර් හම්සා, කේෂව් මහරාජ්, ඒඞ්න් මාක්‍රම්, වියාන් මල්ඩර්, ඩුයේන් ඔලිවර්, වර්නන් ෆිලැන්ඩර්, කගීසෝ රබාඩා, ඬේල් ස්ටේන්.


අදහස් (0)

මල්ඩර් දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.