Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සුසිල් ප්‍රේමලාල් බර්මින්හැම් සිට)
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා බර්මින්හැම් නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකාවේ මල්ලවපොර ක්‍රීඩකයෙකු අගෝස්තු 2 දා අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි. කොවිඩ් රෝගය පසුබිම් කොට ගෙන මෙම අතුරුදහන් වීම සිදු වී ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ගාමිණී ජයසිංහ මහතා පවසයි.
මේ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හත්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙක්,ක්‍රීඩිකාවක් සහ කළමනාකරුවකු අතුරුදන්වී ඇත. අතුරුදහන් වූ මල්ලවපොර ක්‍රීඩකයා අගෝස්තු 6 වැනි දින සිය ඉසව්වට සහභාගි වීමට නියමිතව තිබුනි.
එංගලන්තයේදී කරන ලද කොරෝනා පරීක්ෂණයේදී මෙම ක්‍රීඩකයා කොරෝනා රෝගියකු බව හඳුනාගෙන පොදු රාජ්‍ය මණ්ඩලීය වෛද්‍ය මධ්‍යස්ථානයට කැඳවා ප්‍රතිකාර කොට ඇත. ඔහු දෙවැනි වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වී නිසා ඔහු රැගෙන ඒ මට මෙරට ක්‍රීඩා බලධාරීන් ගිය අවස්ථාවේ දී ක්‍රීඩකයා ආගිය අතක් නැති බව වාර්තා වී තිබේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ආරක්ෂක අංශ ද මේ මේ සම්බන්ධව දිගින් දිගටම පරීක්ෂණ පවත්වන අතර ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා පැමිණි වෙනත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම අතුරුදහන් වී ඇති බවට නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.
chithral Thursday, 04 August 2022 09:40 AM
දුප්පත් කොල්ලො කෙල්ලෝ හොඳ රටක් දැක්කාම පැනගන්න එක සාධාරණයි. එංගලන්තය හොඳ රටක්...!!! අපේ රටේ මොනවද තිබෙන්නේ..? කන්න නැහැ. බොන්න නැහැ. ප්‍රවාහනය අබලන්. දේශපාලන තත්වය අවිනිශ්චිතයි. දේශපාලකයින් ජනතාවගේ මුදල් හොරාකාලා. ජනතාවගේ මානුෂික අයිතීන් නැති කරලා. රජයේ නිලනොවන මැරයින් රජයේ විරුද්ධවාදීන් මරාදමයි. ශ්‍රී ලංකාව අද අපායකි. එවැනි අපායක සිට දිව්‍යලෝකයක් වැනි එංගලන්තයට පැමිණි පසු... නැවතත් අපායට යන මෝඩයා කවුද? කොල්ලනේ කෙල්ලනේ අවස්ථාවක් ලැබුණු වහාම මේ අපායෙන් පැනගනිල්ලා...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.