Last Update  :  2025-04-10 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මල්ලවපොර තේරීම 30 - 31 දිනවල

මල්ලවපොර තේරීම 30 - 31 දිනවල

editorial - 2021 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර මල්ලවපොර තරගාවලි ඉලක්ක කරමින් මෙම 30-31 දෙදින සුගතදාස ගෘහස්ථ පිටියේදී විවෘත මල්ලවපොර තේරීම්  තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය කටයුතු යොදා තිබේ.

පසුගිය ඔක්තෝබර් 10 වැනිදා පැවැති මල්ලවපොර සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේදී ගනු ලැබූ තීරණයන්ට අනුව කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම තේරීම් තරගාවලිය පැවැත්වේ.

එහි සභාපති සරත් හේවාවිතාරණ මහතා පවසන්නේ වසර 2019 මාර්තු මාසයේ සිට රට තුළ උද්ගතව පවතින කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව සිය සම්මේලනය සංවිධානය කරන පළමු තේරීම් තරගාවලිය මෙය බවයි. එකී කාලය තුළදී කිසිදු දේශීය තරගවලියක් පැවැත්වීමටද මල්ලවපොර සම්මේලනයට අවකාශ ලැබී නැත.

ලබන වසරේදී අන්තර් ජාතික මල්ලවපොර තරගාවලියක සත්කාරය ලබා ගැනීමටද ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් පසුවේ ඒ සඳහා දැනටමත් ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කිරීමට මල්ලවපොර සම්මේලනය පියවර ගෙන තිබේ.

ජාතික මල්ලවපොර තේරීම් තරගාවලියට ඇතුළත් බර පංති ඉසව්
පිරිමි:- කිලෝ ග්‍රෑම් 57, 61, 65, 70, 74, 79, 86, 92, 97, 125.
කාන්තා:- කිලෝ ග්‍රෑම් 50, 53, 56, 57, 59, 62, 65, 68, 72, 76.

- 223


අදහස් (0)

මල්ලවපොර තේරීම 30 - 31 දිනවල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.