Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මලියදේව බාලිකාවෝ දැල්පන්දු කුසලාන දිනති

මලියදේව බාලිකාවෝ දැල්පන්දු කුසලාන දිනති

editorial - 2024 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

(නාමල් පතිරගේ)

මාතර උයන්වත්ත පිටියේදී ඊයේ (6) නිමාවට පත්වූ 31 වැනි ශ්‍රී ලංකා පාසල් මයිලෝ කුසලාන අන්තර් පාසල් දැල්පන්දු (නෙට්බෝල්) තරගමාලාවේ ඒ කාණ්ඩයේ සමස්ත ශූරතා  කුසලාන දිනා ගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විදුහල සමත් විය.ඒ වයස් කාණ්ඩ හතරෙන් තුනක්ම දිනා ගනිමිණි.

එහිදී බී කාණ්ඩයේ තරගාවලියේදී එක් ශූරතාවක් හා අනුශූරතාවක් හිමි කර ගත් ගැට්ටුවාන මහින්ද විදුහල එහි සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් විය.

උයන්වත්ත පිටියේදී දින තුනක් පුරා පැවැති තරග මාලාවේ අවසන් වටයේ  තරග සදහා පාසල් 400 ක කණ්ඩායම් සහභාගි වූහ.මෙම තරග මාලාවේ ඉතිහාසය පුරා කීර්තිනාමය රදවා ගනිමින් වැඩිම  වාර ගණනක් ශූරතා  දිනා ඇති කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය මෙවර අවසන් වටයේ පළමු තරග වටයේදීම පරාජයට පත් වීම කැපී පෙණුනි.

නෙස්ලේ ලංකා සමාගම මයිලෝ සන්නාමය යටතේ  මෙවර 31 වැනි වතාවටත් තරග මාලාවට අනුග්‍රහය දැක්වීය. ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් මෙවරත් තරග මාලාව සංවිධානය කළේය.

31 වැනි ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු තරගමාලාවේ ශූරතා හා අනුශූරතාලාභී කණ්ඩායම්

(ඒ කාණ්ඩය)
• වයස 13 න් පහළ
ශූරතාව - කුරුණෑගල මලියදේව බාලිකා විදුහල,අනුශූරතාව -  බොරැල්ල දේවි බාලිකා විදුහල-:දක්ෂතම ක්‍රීඩිකාව-ෂෙයාරා දහම්දී විජේසූරිය (මලියදේව බාලිකා)

• වයස 15 න් පහළ
ශූරතාව -කුරුණෑගල මලියදේව බාලිකා විදුහල,අනුශූරතාව - නුගේගොඩ අනුලා විදුහල-: දක්ෂතම ක්‍රීඩිකාව-සෙනුමී නිමන්සා (මලියදේව බාලිකා)

• වයස 17 න් පහළ
ශූරතාව-මහනුවර මහමායා බාලිකා විදුහල, අනුශූරතාව-මහනුවර හිල්වුඩ් විදුහල- දක්ෂතම ක්‍රීඩිකාව-අයෝධ්‍යා අලවත්තේගම (මහමායා බාලිකා)

• වයස 19 න් පහළ
ශූරතාව- කුරුණෑගල මලියදේව බාලිකා විදුහල, අනුශූරතාව-කළුතර ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල- දක්ෂතම ක්‍රීඩිකාව -බාෂිනී උඩගෙදර (මලියදේව බාලිකා)

 

(බී කාණ්ඩය)
• වයස 15න් පහළ
ශූරතාව -පාදෙණිය සුනන්ද මහ විදුහල,අනුශූරතාව-මහනුවර උඩිස්පත්තුව මහ විදුහල - දක්ෂතම ක්‍රීඩිකාව-එස්.පී.කේ.එන්. ගුණතිලක (පාදෙණිය සුනන්ද)

• වයස 17න් පහළ
ශූරතාව - ගැට්ටුවාන මහින්ද විදුහල, අනුශූරතාව-කුලියාපිටිය මොලඑළිපිටිය කනිෂ්ඨ විදුහල-දක්ෂතම ක්‍රීඩිකාව- රන්සි විජේවර්ධන (ගැට්ටුවාන මහින්ද)

• වයස 19න් පහළ
ශූරතාව- මාතලේ සුජාතා බාලිකා විදුහල, අනුශූරතාව -ගැට්ටුවාන මහින්ද  විදුහල- දක්ෂතම ක්‍රීඩිකාව-බවතරා කාවින්දි අමරසූරිය (මාතලේ සුජාතා)

 

සමස්ත ඒ කාණ්ඩයේ ශූරතාව දිනූ කුරුණෑගල මලියදේව බාලිකා කණ්ඩායම 

 

බී කාණ්ඩයේ සමස්ත කුසලාන දිනූ ගැට්ටුවාන මහින්ද විදුහල් කණ්ඩායම 

 

අදහස් (0)

මලියදේව බාලිකාවෝ දැල්පන්දු කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.