Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මහානාම ක්‍රීඩකයෝ ඉනිමකින් ජය ලබති

මහානාම ක්‍රීඩකයෝ ඉනිමකින් ජය ලබති

රොෂාන් ගුණරත්න - 2019 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර මහානාම විදුහල සහ කළුතර වේලපුර මහ විදුහල අතර කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 105 ක ජයක් වාර්තා කිරීමට මහානාම විදුහල සමත් විය. 
 
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මහානාම විදුහලේ රවිඳු සල්ගාදු (116) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම නෙත්පහන් ප්‍රනාන්දු ලකුණු 53 ක් රැස්කරමින් සහ 30 කට කඩුලු 9 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.
 
මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 52.1 කදී කඩුලු 9 ක් දැවී 241   
(රවිඳු සල්ගාදු 116, නෙත්පහන් ප්‍රනාන්දු 53, දිල්ෂාන් මධුෂංක 24, මලීෂ සහන් 55/4, අදීෂ නෙත්මින 93/2) 
 
වේලපුර විදුහල් පළමු ඉනිම - ඕවර 36.4 කදී සියලු දෙනා දැවී 70 
(නෙත්පහන් ප්‍රනාන්දු 12/6, රවිඳු සල්ගාදු 22/2) 
 
වේලපුර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 25.2 කදී සියලු දෙනා දැවී 66
(විමුක්ති මධුෂංක 16, ජයලත් ද මෙල් 33/5, නෙත්පහන් ප්‍රනාන්දු 18/3) 
 
-036 

අදහස් (0)

මහානාම ක්‍රීඩකයෝ ඉනිමකින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.