Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතර රාහුල විද්‍යාලය සහ පේදුරු තුඩුව හාර්ට්ලී විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) 3 වැනි වරටත් පැවැති ‘මනිමාරන් විජේසිරිවර්ධන’ කුසලාන වාර්ෂික ක්‍රිකට් තරගය ලකුණු 247 කින් ජයගැනීමට මාතර රාහුල විද්‍යාලය සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මාතර රාහුල විද්‍යාලය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 311 ක් රැස්කිරීමට සමත්විය. භාග්‍ය හිමත් ලකුණු 69 ක් රැස්කරමින් රාහුල විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සහන් බණ්ඩාර ලකුණු 40 ක් රැස්කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 312 ක ඉලක්කයක් හඹාගිය පේදුරු තුඩුව හාර්ට්ලී විද්‍යාලයට ඕවර 24 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 64 ක් පමණි.
චමුදිත දිල්ෂාන් ලකුණු 12 කට කඩුලු 2 ක් සහ හසිත් මනුරංග ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගනිමින් රාහුල විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
රාහුල විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 දැවී ලකුණු 311
(භාග්‍ය හිමත් 69, සහන් බණ්ඩාර 40, එම්.ලක්ෂා 14/2)
හාර්ට්ලි විද්‍යාලය - ඕවර 24 කදී සියලුදෙනා දැවී ලකුණු 64
(චමුදිත දිල්ෂාන් 12/2, හසිත් මනුරංග 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.