Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන මැටි සහිත ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන ජාතික ටෙනිස් තරගාවලිය ආරම්භ විය. මෙම තරගාවලිය අප්‍රේල් මස 4 වැනිදා දක්වා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඉසව් 27 කින් සමන්විත වන මෙම තරගාවලිය කනිෂ්ඨ, විවෘත, ජ්‍යෙෂ්ඨ සහ රෝද පුටු ලෙස කාණ්ඩ 4 කින් සමන්විත වේ. විවෘත කාණ්ඩයේදී පිරිමි කේවල, පිරිමි යුගල, කාන්නා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන කාණ්ඩ 5 යටතේ තරග පැවැත්වේ.
කනිෂ්ඨ කාණ්ඩයේදී වයස අවුරුදු 12 සිට 18 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහාද, ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේදී වයස අවුරුදු 35 ට වැඩි, 45 ට වැඩි සහ 55 ට වැඩි තරගකරුවන් සඳහාද, රෝද පුටු කාණ්ඩයේදී ආබාධිත තරගකරුවන් සඳහාද කේවල සහ යුගල තරග පැවැත්වේ.
අන්තර් ජාතික ටෙනිස් සම්මේලනයේ නිතී රෙගුලාසි වලට අනුව පැවැත්වෙන මෙම තරගාවලියේ තරග තීරකවරයා ලෙස අවන්ත සුරනිමල මහතාද, තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රදීප් ගුණසේකර මහතාද, සම්බන්ධීකාරකවරිය ලෙස සරීනා සලීම් මහත්මියද කටයුතු කරති.
‘හච්’ සන්නිවේදන සමාගම සහ හැටන් නැෂනල් බැංකුව තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි. එන්.ඩී.බී. බැංකුව, ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පුද්ගලික ආයතනය, ඊ-ලයිෆ් රක්ෂණ සමාගම, ඩරාස් වෙබ් අඩවිය, සහ නෙස්ලේ සහගම සෙසු අනුග්‍රාහකයන් ලෙස තරගාවලියට එක්ව සිටියි.
‘හච්’ සන්නිවේදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිණී රම්සිනා මෝසෙත් මහත්මිය අතින් ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් ඉසාක් මහතා අනුග්‍රාහක චෙක්පත ලබාගත් අයුරු.. ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ ලේකම් ප්‍රදීප් ගුණසේකර මහතාද ඡායාරූපයේ සිටී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.