Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 2020 ට නියමිතව තිබූ 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් - ඇවිදීම හා පාපැදි (රේසින්) තරග මාලාව ලබන සිකුරාදා (26) සිට කතරගමදී පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. ඒ අනුව ලබන සිකුරාදා, සෙනසුරාදා හා සඳුදා (26-27-29) යන දින තුනක දී එම තරග මාලාව කතරගම නගරයේ දී පවත්වා අවසන් කෙරේ.
ඉරිදාට (28) යෙදී තිබෙන මැදින් පොහෝ දිනය අත්හරිමින් මෙම තරග පැවැත්වේ.
මෙම තරග පසුගිය ඔක්තෝබර් 9-10 දෙදින කතරගම දී පැවැත්වීමට සැළසුම් කර තිබිය දී අවසන් මොහොතේ කල් දමනු ලැබුවේ ඒ වනවිට රට තුළ දෙවැනි කොවිඩ් රැල්ල උත්සන්න වීම නිසාය. ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසුවේ කොවිඩ් නිරෝධායන රෙගුලාසිවලට අවනතව මෙවර තරග මාලාව සංවිධානය කරන බවයි.
තරග මාලාවට සහභාගීවන සියලුම ක්‍රීඩා ඉසව්වලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා ලවා ලබාගත් සහතිකයක් තරග සංවිධායකයන් වෙත ඉදිරිපත් කළ යුතුය.
ඒ අතර තරග සංවිධායකයන් තීරණයකර ඇත්තේ නිරෝධායන නීති අනුගමනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නේවාසික ගත කිරීමටය. ඒ නේවාසික ස්ථානයක මුළු ඉඩෙන් සියයට ගණනක ප්‍රමාණයට පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සීමා කෙරේ.
වසර 2020 ට නියමිතව තිබූ 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල මෙම වසරත් (2021) ඒකාබද්ධ කර ගනිමින් එකම ක්‍රීඩා උළෙලක් ලෙස වසර අවසානයට පෙර පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහිදී ජවන හා පිටිය තරගාවලිය කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වීමට සැළසුම් කර ඇත.
ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් හා ඇවිදීමේ රන් පදක්කම් ලාභීන් වාර්ෂිකව පැවැත්වෙන ආසියානු මැරතන් හා ඇවිදීමේ ශූරතා තරගමාලා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිර්දේශ කළත් මෙම වසරේදීත් එම සියලු ජාත්‍යන්තර තරග මාලා අවලංගු කර තිබේ. කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් අවලංගු කළ අන්තර් ජාතික මලල ක්‍රීඩා තරග මාලා අතර චීනයේ හැන්ග්ෂු නුවර දී ලබන මැයි 20 සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබූ 24 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ද වේ. කෙසේ වුවත් මෙම තරග මාලාවේ ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් ජාතික මැරතන් හා ඇවිදීමේ සංචිත සඳහා ක්‍රීඩා ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබේ.
මීට වසර කීපයක සිට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් තීරණයන්ට අනුව ජාතික මහ ක්‍රීඩා උළෙලේ ඇවිදීම, මැරතන් සහ පාපැදි තරග මාලාව පළාත් සම්බන්ධීකරණයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විවෘත අයදුම්පත් කැඳවීමෙන් පැවැත්වේ. මෙවර ස්ටෑන්ඩඩ් කාන්තා හා පිරිමි ඉසව් දෙක ඉවත් කරමින් රේසින් ඉසව් පමණක් පැවැත්වේ. එම තරග මෙහෙයවීම ශ්‍රී ලංකා පාපැදි විනිසුරු සංගමයට පවරා තිබේ.
පළාත් නිර්දේශයෙන් මෙම තරග මාලාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කර ගැනීමේ ක්‍රමවේදය අහෝසි කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් තීරණයන්ට ආසන්නම හේතුව වූයේ ඇතැම් ඉසව් සඳහා සමහර පළාත්වලින් ප්‍රමාණවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී කිරීමට නොහැකිවීමයි.
තරග මාලාවේ රන්, රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන්ට පිළිවෙලින් රුපියල් 50,000 ක්, රුපියල් 30,000 ක් සහ රුපියල් 20,000 ක් ලෙස ත්‍යාග මුදල් ප්‍රදානය කෙරේ.
2020 ට නියමිත ජාතික මහ ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් අතරින් මෙතෙක් පවත්වා අවසන් කර ඇත්තේ 2020 මාර්තු 14 වැනිදා නුවරඑළියේ දී පැවැති ජාතික රට හරහා දිවීමේ තරගාවලිය පමණි.
46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් ඇවිදීම – පාපැදි තරග මාලාව පැවැත්වෙන ආකාරය
♦ මාර්තු 26 පෙරවරු 5.30 ට :- මැරතන් කාන්තා - පිරිමි තරගාවලිය
♦ මාර්තු 27 පෙරවරු 6 ට :- ඇවිදීමේ (කාන්තා - පිරිමි) තරගාවලිය
♦ පාපැදි (රේසින්) :- පෙරවරු 6.30 :- පිරිමි තරගය - (කිලෝ මීටර් 158) පස්වරු 3 :- කාන්තා තරගය (කිලෝ මීටර 78)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.