Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මිටිය විසි කිරීම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට පෝලන්තයේ ඇනීටා ලොඩාර්සික් අද (3 වැනිදා) සමත් වූවාය. මීටර් 78.48 ක දුරක් මිටිය විසි කරමින් ඇය එම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීවාය.
මේ වන විට 35 වැනි වියේ පසුවන ඇනීටා, එම ඉසව්වේ ලෝක වාර්තාවට සහ ඔලිම්පික් වාර්තාවටද හිමිකම් කියන අතර ඇය 2016 වසරේදී මීටර් 82.98 ක දුරක් විසි කරමින් ලෝක වාර්තාවද, මීටර් 82.29 ක දුරක් විසි කරමින් ඔලිම්පික් වාර්තාවද පිහිටවුවාය.
මීටර් 77.03 ක දුරක් මිටිය විසි කළ චීනයේ සෙහෙන් වැන් එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර පෝලන්තයේ මැල්විනා කොප්රන් එහි ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ මීටර් 75.49 ක දුරක් මිටිය විසි කරමිනි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.