Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කටාර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු මේසපන්දු ශූරතාවලියේ කාන්තා කේවල ඉසව්වේ අවසන් 16 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ මුතුමාලි ප්‍රියදර්ශනී සමත් වූවාය. එම වටය යටතේ ඇය ජපානයේ හිනා හයාතාට එරෙහිව අද (3 වැනිදා) පස්වරුවේ තරග වැදීමට සූදානමින් සිටියාය.
මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30 ආරම්භ වීමට නියමිතව තිබිණ.
පළමු වටයේදී වට 3-0 ක් ලෙස කටාර් රාජ්‍යයේ මර්යාම් අලී පරාජය කළ මුතුමාලි, දෙවැනි වටයේදී තායිලන්තයේ අනිසාරා මුවාන්සුක් හමුවේ නිතරග ජයක් ලැබුවාය. ඉන් අනතුරුව තෙවැනි වටයේදී ඉරානයේ මර්යාම් ෆරේයිට එරෙහිව වට 3-1 ක ජයක් ලබමින් ඇය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තාය.
අවසන් 16 දෙනාගේ වටයේදී මුතුමාලිගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව බවට පත්ව සිටින හිනා හයාටා, 2019 සහ 2017 වසරවල පැවැති මේසපන්දු ලෝක ශූරතාවලීන්හිදී පිළිවෙලින් කාන්තා යුගල ඉසව්වල රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ඇති අතර 2018 වසරේ පැවැති මේසපන්දු ලෝක ශූරතාවලීයේදී කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම දිනාගෙන ඇත.
මුතුමාලි හැරුණු කොට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තවත් ක්‍රීඩකයන් 5 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් තිදෙනෙක් මෙම තරගාවලියේ කේවල ඉසව් සඳහා සහභාගි වූහ. ඔවුන් අතරින් සෙනුර සිල්වා, තනුෂි රොද්‍රිගූ සහ බිමන්දි බණ්ඩාර තෙවැනි වටය දක්වා යෑමට සමත් වූහ.
පළමු වටයේදී නේපාලයේ අමර් මල්ලා පරාජය කළ සෙනුර, දෙවැනි වටයේදී පාකිස්තානයේ මුහම්ද් ඛාන් පරාජය කළ අතර තෙවැනි වටයේදී ඉරානයේ නොෂාඩ් අලමියාන් හමුවේ පරාජයට පත් විය. තනුෂි සහ බිමන්දි දෙවැනි වටයට පිවිසියේ පළමු වටයේදී නිතරග ජයග්‍රහණ ලබාගනිමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චමීර ගිණිගේ, නායිකා ඉෂාරා මධුරංගි මෙන්ම නිමේෂ් රංචාගොඩද දෙවැනි වටයේදී පරාජයට පත්වූ අතර මිලින්ද ලක්ෂිත සහ ඉමන්ත උදංජය පළමු වටයේදීම පරාජයට පත්වූහ.
පිරිමි කේවල පළමු වටය (128)
සෙනුර සිල්වා (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස අමර් මල්ලා (නේපාලය) පරාජය කරන ලදි. (11/9, 11/8, 11/9)
චමීර ගිණිගේ (ශ්‍රී ලංකාව) විසින් වට 3-2 ක් ලෙස නයිල් සමාර (පලස්තීනය) පරාජය කරන ලදී. (10/12, 5/11, 11/5, 11/5, 11/6)
නිමේෂ් රංචාගොඩ (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස සුබයිර් සර්හාන් (එක්සත් අරාබි එමීර් රාජ්‍යය) පරාජය කරන ලදි. (11/3, 11/2, 13/11)
මුඛම්මද් උක්ටම්බොයෙව් (උස්බැකිස්තානය) විසින් වට 3-2 ක් ලෙස මිලින්ද ලක්ෂිත (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/11, 11/8, 11/7, 2/11, 11/4)
මොහොමඩ් අබ්දුල්වහබ් (කටාර් රාජ්‍යය) විසින් වට 3-0 ක් ලෙස ඉමන්ත උදංජය (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/2, 11/7, 11/8)
පිරිමි කේවල දෙවැනි වටය (64)
සෙනුර සිල්වා (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස මුහම්ද් ඛාන් (පාකිස්තානය) පරාජය කරන ලදි. (11/4, 11/6, 11/5)
යිසින් ෆෙන්ග් (චීත තායිපේ) විසින් වට 3-0 ක් ලෙස චමීර ගිණිගේ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/2, 11/3, 11/4)
සෙරොඩ් ගන්කුයැං (මොංගෝලියාව) විසින් වට 3-1 ක් ලෙස නිමේෂ් රංචාගොඩ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/6, 11/6, 9/11, 11/4)
පිරිමි කේවල තෙවැනි වටය (32)
නොෂාඩ් අලමියාන් (ඉරානය) විසින් වට 3-0 ක් ලෙස සෙනුර සිල්වා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/4, 11/4, 11/4)
කාන්තා කේවල පළමු වටය (128)
මුතුමාලි ප්‍රියදර්ශනී (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස මර්යාම් අලී (කටාර් රාජ්‍යය) පරාජය කරන ලදි. (11/8, 11/4, 11/1)
තනුෂි රොද්‍රිගූට නිතරග ජයක්.
ඉෂාරා මධුරංගිට නිතරග ජයක්.
බිමන්දි බණ්ඩාරට නිතරග ජයක්.
කාන්තා කේවල දෙවැනි වටය (64)
අනිසාරා මුවාන්සුක් (තායිලන්තය) හමුවේ මුතුමාලි ප්‍රියදර්ශනීට (ශ්‍රී ලංකාව) නිතර ජයක්.
තනුෂි රොද්‍රිගූ (ශ්‍රී ලංකාව) විසින් වට 3-1 ක් ලෙස එවානා තාපා (නේපාලය) පරාජය කරන ලදි. (11/3, 9/11, 11/3, 11/6)
බිමන්දි බණ්ඩාර (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස සික්කා සුවාල් (නේපාලය) පරාජය කරන ලදි. (11/5, 11/3, 11/5)
ලී සියෝන් (කොරියාව) විසින් වට 3-0 ක් ලෙස ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/6, 11/5, 11/7)
කාන්තා කේවල තෙවැනි වටය (32)
මුතුමාලි ප්‍රියදර්ශනී (ශ්‍රී ලංකාව) විසින් වට 3-1 ක් ලෙස මර්යාම් ෆරේයි (ඉරානය) පරාජය කරන ලදි. (5/11, 11/7, 11/9, 11/8)
හෂින් යින් ලියූ (චීන තායිපේ) විසින් වට 3-0 ක් ලෙස තනුෂි රොද්‍රිගූ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/6, 11/1, 11/5)
මෙලිකා කාරාමි (චීන තායිපේ) විසින් වට 3-1 ක් ලෙස බිමන්දි බණ්ඩාර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (9/11, 11/5, 11/9, 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.