Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මුහුදු පිහිනුම් තරගය 25 දා අම්බලන්ගොඩදී

මුහුදු පිහිනුම් තරගය 25 දා අම්බලන්ගොඩදී

editorial - 2025 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සංගමය 15 වැනි වරටත් සංවිධානය කරනු ලබන කිලෝමීටර් 2 විවෘත මුහුදු පිහිනුම් තරගය ජනවාරි මස 25 වැනිදා අම්බලන්ගොඩ ඌරවත්ත වෙරළ තීරයේදී  පැවැත්වේ. පිරිමි තරගය සදහා අයදුම්පත් 160ක් ද කාන්තා තරගය සදහා අයදුම්පත් 40 ක් ලැබී ඇති බව තරග සංවිධායකයෝ කියති.

පිරිමි තරගය එදින පෙරවරු 7.00 ට ආරම්භ කෙරෙන අතර කාන්තා තරගය පෙරවරු 7.30 ට ආරම්භ කෙරේ.

සියලුම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රන්, රිදී සහ ලෝකඩ පදක්කම් සමග කුසලාන පිරිනැමේ. එමෙන්ම කාන්තා  සහ පිරිමි අංශ දෙකේම  දක්ෂතම පිහිනුම් ක්‍රීඩිකාව, පිහිනුම් ක්‍රීඩකයා, ලාබාලතම ක්‍රීඩිකාව සහ ලාබාලතම ක්‍රීඩකයාටද සම්මාන පිරිනැමේ. දක්ෂතම කාන්තා කණ්ඩායමයට මෙන්ම දක්ෂතම පිරිමි කණ්ඩායමට ද කුසලාන පිරිනැමේ.


අදහස් (0)

මුහුදු පිහිනුම් තරගය 25 දා අම්බලන්ගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.