Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 61 වැනි වාර්ෂික ‘සුරතලුන්ගේ සටන’ මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (9 වැනිදා) නිමා විය. තරගයේ පැවැති ඉනිම තුනේදීම දස්කම් දැක්වූ මෙදුනක විජේතිලක ඉනිම දෙකකදී ලකුණු 76 කට කඩුලු 6 ක් දවාගත් අතර පිත්තෙන්ද දස්කම් දක්වමින් ලකුණු 67 ක් රැස්කළේය.
පළමු දිනය පුරාම පන්දුවට පහර දුන් ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පිල අද පෙරවරුවේදී ලකුණු 228 කට දැවී ගියේය. සිල්වෙස්ටර් විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ අවිඳු හේරත් ලකුණු 76 ක් රැස්කළ අතර ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි නිෂාන්ත ජයවර්ධන නොදැවී ලකුණු 49 ක් ලබා ගත්තේය.
ශාන්ත සිල්වෙස්ටර් විදුහල - පළමු ඉනිම සියලු දෙනා දැවී 228
(අවිඳු හේරත් 76, නිෂාන්ත ජයවර්ධන නොදැවී 49, කෙවින් නිම්ෂාන් 38, මෙදුනක විජේතිලක 49/4, ඉෂාන් සංගීත් 30/3, කසුන් කරුණාතිලක 40/2)
විද්‍යාර්ථ විදුහල - පළමු ඉනිම සියලු දෙනා දැවී 146 යි
(මෙදුනක විජේතිලක 67, ඉසුරු ප්‍රබෝධ 22, කනිෂ්ක ජයසේකර 29/3, පසන් හෙට්ටිආරච්චි 33/2, රුසිඳු නිස්සංක 34/2)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල - දෙවැනි ඉනිම කඩුලු 5 ට 149
(නෙවින් ඩිල්ෂාන් 74, පසන් හෙට්ටිආරච්චි 55, චතුරංග ඩිල්ෂාන් 13/2, මෙදුනක විජේතිලක 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.