Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
පැරිස් ඔලිම්පික් උළෙලේ මේසපන්දු ඉසව්වට දකුණු ආසියානු කළාපයේ සුදුස්සන් තේරීම සඳහා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පිරිමි සහ කාන්තා ඉවසව්වල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
මූලික වටයේදී තරග 2 බැගින් ජයගෙන, එක් තරගය බැගින් පරාජයට පත්වෙමින් චමීර ගිණිගේ සහ ප්‍රසාද් සිල්වා පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසියහ. එහිදී මාලදිවයින් සහ බංග්ලාදේශ ක්‍රීඩකයන් පරාජය කළ චමීර සහ ප්‍රසාද්, නේපාල ක්‍රීඩකයන් හමුවේ පරාජයට පත්වූහ.
හෙට (15 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගවලදී චමීර නේපාලයේ ශ්‍රෙස්තා සන්ටෝට එරෙහිවත්, ප්‍රසාද් නේපාලයේ කපාලි සැන්යොන්ට එරෙහිවත් තරග බිමට පිවිසීමට නියමිතය. එම තරග දෙක ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.45 ට ආරම්භ වනු ඇත. පිරිමි අවසන් මහ තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ හෙට පස්වරු 4.15 ටය.
කාන්තා මූලික වටයේ තරගවලදී එක් ජයග්‍රහණයක් සහ එක් පරාජයක් ලබමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි බිමන්දි බණ්ඩාර සහ ඉෂාරා මධුරංගි, එහිදී පිළිවෙලින් මාලදිවයිනේ ඊබ්‍රහීම් මිෂ්කා සහ නේපාලයේ ශ්‍රෙස්තා නබීතා පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
හෙට පැවැත්වෙන කාන්තා අවසන් පූර්ව වටයේ තරගවලදී ඉෂාරා මාලදිවයිනේ ෆාතිමාත් අලීට එරෙහිවත්, බිමන්දි නේපාලයේ තාපා එවානාට එරෙහිවත් තරග වදිනු ඇත. එම තරග දෙක ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතය. කාන්තා අවසන් මහ තරගය පස්වරු 3.30 ට ආරම්භ වනු ඇත.
මෙම තරගාවලියේ පිරිමි ශූරතාව සහ කාන්තා ශූරතාව දිනාගන්නා ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව පමණක් පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබනු ඇත. එබැවින් ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනිවාර්යෙන්ම ඔවුන් සහභාගිවන ඉසව්වේ ශූරතාව දිනාගත යුතුය.
අද (14 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ තරග
පිරිමි මූලික වටය
කාන්තා අර්ධ අවසන් පූර්ව වටය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.