Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යුගල බැඩ්මින්ටන් ශූරතාව මාස් හෝල්ඩිංග්ස්ට

යුගල බැඩ්මින්ටන් ශූරතාව මාස් හෝල්ඩිංග්ස්ට

Dilrukshi - 2015 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා බැඞ්මිටන් සංගමය සංවිධානය කළ 5 වැනි ‘ලී-නින්’ අන්තර් සමාගම් යුගල බැඞ්මින්ටන් තරගාවලියේ සමස්ථ ශූරතාව දිනාගැනීමට මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායම සමත් විය.

අවසන් මහ තරගයේදී තරග වට 3-1 ක් ලෙස මැක්ලරන්ස් කණ්ඩායම පරාජය කරමින් මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායම එම ශූරතාවට හිමිකම් කීවේය.

මෙම තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගැනීමට බ‍්‍රැන්ඩික්ස් ‘ඒ’ කණ්ඩායම සමත් විය. පළඟ ශූරතාව එච්. ඞී. ඞී. ඊ. එස්. එක්ස්ට‍්‍රෑට් කණ්ඩායම විසින් ද, බඳුන ශූරතාව වර්චූසා කණ්ඩායම විසින් ද දිනාගන්නා ලදි.

කොළඹ 07, මලලසේකර මාවතේ, වෙළෙඳ සේවා බැඞ්මින්ටන් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ලී-නින් සමගාම කටයුතු කළේය.

අවසන් මහ තරග ප‍්‍රතිඵල

සමස්ථ ශූරතාව -
මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායම විසින් තරග වට 3-1 ලෙස මැක්ලරන්ස් හෝල්ඩිංග්ස් කණ්ඩායම පරාජය කරන ලදි.

කුසලාන ශූරතාව -

බ‍්‍රැන්ඩික්ස් ‘ඒ’ කණ්ඩායම විසින් තරග වට 3-1 ලෙස සෙලාන් බැංකු කණ්ඩායම පරාජය කරන ලදි.

පළඟ ශූරතාව -

එච්. ඞී. ඞී. ඊ. එස්. එක්ස්ට‍්‍රෑට් කණ්ඩායම විසින් තරග වට 3-2 ලෙස නේෂන් ට‍්‍රස්ට් ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.

බඳුන ශූරතාව -

වර්චූසා කණ්ඩායම විසින් තරග වට 3-1 ලෙස ඩබ්ලිව්. එස්.  ඕ. 2 ලංකා කණ්ඩායම පරාජය කරන ලදි.

 

 


අදහස් (0)

යුගල බැඩ්මින්ටන් ශූරතාව මාස් හෝල්ඩිංග්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.