Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යුද හමුදා නිලධාරීන්ගේ තහනම ඉවත් කරන්න ඉල්ලීමක්

යුද හමුදා නිලධාරීන්ගේ තහනම ඉවත් කරන්න ඉල්ලීමක්

editorial - 2024 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (නාමල් පතිරගේ)

වසර තුනක තහනමකට ලක්ව සිටින යුද හමුදා කබඩි ප්‍රධානීන් තිදෙනකුගේ එම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා යූද හමුදා කබඩි ක්‍රීඩා කමිටුවේ වත්මන් සභාපති මේජර් ජනරාල් ඒ.එම්.කේ.පී.පී.එස්.කේ. අබේසිංහ මහතා ශ්‍රී ලංකා කබඩි සම්මේලනයට අභියාචනාවක් භාරදී තිබේ.

එසේ තහනමට ලක්වූ යුද හමුදා කබඩි ක්‍රීඩා කමිටුවේ එවකට සභාපති මේජර් ජනරාල් එම්.ඩබ්.ටී. සී.මෙත්තානන්ද මහතා ඇතුළු එහි ලේකම් මේජර් ඩී.එන්.පී.කරුණාරත්න හා එහි තාක්ෂණ නිලධාරී ධූරය දරන යුද හමුදා බලලත් නිලධාරී ජී.ජ්..එම්.වයි.ගමගේ යන මහත්වරුන්ගේ එකී තහනම මෙතැන් පටන් ඉවත් කරන ලෙස මෙම අභියාචනාවෙන් වත්මන් සභාපතිවරයා විසින් ඉල්ලා තිබේ.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා කබඞ් සම්මේලනය පැවැසුවේ මෙම තහනම ඉවත් කිරීම පිළිබඳව කරුණු සලකා බැලීම සදහා සිය විධායක සභාව ඉදිරියේදී රැස් කරන බවයි.

එහි ප්‍රකාශකයකු ‘ලංකාදීපය’ට පැවැසුවේ කබඩි සම්මේලනයට එම තහනම දිගටම පවත්වා ගෙන යාමේ කිසිදු වුවමනාවක් නොමැති බවයි.

වසර 2022 ජනවාරී 8 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මෙම යුද හමුදා කබඩි නිලධාරීන්ට වසර තුනක තහනමක් කබඩි සම්මේලනයේ ව්ධායක සභාව විසින් පැනවූයේ පැවැති 2021 අන්තර් දිස්ත්‍රික් කබඩි තරගාවලිය සම්බන්ධයෙන් පැන නැගුණු ආරවුලකි.

එහිදී තරගාවලියෙන් යුද හමුදා කබඩි කණ්ඩායම් ඉවත් කර ගත් යුද හමුදා කබඩි ක්‍රීඩා කමිටුව එයින් අනතුරුව කබඩි සම්මේලනය සංවිධානය කළ සියලු තරගවලටද සිය කණ්ඩායම් සහභාගි කිරීමෙන් වැළකී සිටියේය.

ඒ අතර ජාතික කබඩි සංචිතවලින් සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉවත් කර ගැනීමටද ඔවුන් කටයුතු කළේය.එයින් ජාතික කබඩි සංචිතවලට දැඩි බලපෑමක් එල්ලවූ බව එම අවස්ථාවේදී කබඩි සම්මේලනය ප්‍රකාශ කර සිටියේය.

මෙම තත්වය වඩාත් සංකීර්ණ මුහුණුවරක් ගත්තේ පසු අවස්ථාවකදී නාවික හමුදාව හා ගුවන් හමුදාවත් ඔවුන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික කබඩි සංචිත වලින් ඉවත් කර ගැනීමට කටයුතු කිරීමයි.

පැවැති 2021 අන්තර් දිස්ත්‍රික් කබඩි තරගාවලියේ ආකෘතිය සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් ඔවුන්ගේ මෙම ඉවත්වීම සිදු කෙරුණු බව වාර්තා විය.කෙසේවුවත් මේ වන විට ගුවන් හමුදා හා නාවික හමුදා කබඩි ක්‍රීඩා සමාජවල තහනම ඉවත් කිරීමට කබඩි සම්මේලනය පියවර ගෙන තිබේ.

මේජර් ජනරාල් අබේසිංහ මහතා තහනම ඉවත් කරවා ගැනීමේ ඉල්ලීම ඇතුළත්  ලිපියෙන් අවධාරණය කර ඇත්තේ රටේ කබඩි ක්‍රීඩාව වෙනුවෙනුත් එමෙන්ම පොදුවේ රටේ ක්‍රීඩාවට යුද හමුදාවෙන් දක්වන දායකත්වය හා මැදිහත්වීම් සලකා බලමින් මෙම තහනම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව මෙම තහනම ඉවත් කිරීම සදහා නිර්දේශ ලබා දෙන බව කබඩි සම්මේලනය පවසයි.


අදහස් (0)

යුද හමුදා නිලධාරීන්ගේ තහනම ඉවත් කරන්න ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.