Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යුද හමුදා ‘ඒ‘ කණ්ඩායම් කඹ ඇදීමේ ශූරතා දිනති

යුද හමුදා ‘ඒ‘ කණ්ඩායම් කඹ ඇදීමේ ශූරතා දිනති

editorial - 2022 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කහවත්තේ තුෂාර හෙට්ටිආරච්චි)

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ සාමාජික රත්නපුර දිස්ත්‍රික් කඹ ඇදීමේ සංගමය සංවිධානය කළ සමස්ත ලංකා කඹ ඇදීමේ තරගමාලාවේ ප්‍රධාන තරගය වූ ත්‍රිවිධ හමුදා කිලෝග්‍රෑම් 640 බර පන්තියේ පිරිමි ශූරතාව යුද හමුදා ‘ඒ’ කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. එහි අනුශූරතාව යුද හමුදා ‘බී’ කණ්ඩායමට හිමිවිය.

මෙම තරගාවලිය පසුගිය ඉරිදා (30)  කහවත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.

කිලෝග්‍රෑම් 640 (සිවිල් - පිරිමි) තරගයේ ශූරතාව පූගොඩ ‘ඩම්බෙල්’ ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලද  අතර අනුශූරතාව කළුඅග්ගල ‘ලයන් හාර්ට්ස්’ ක්‍රීඩා සමාජය හිමිකරගත්තේය.

කිලෝග්‍රෑම් 560 බර පන්තියේ කාන්තා ශූරතාව යුද හමුදා ”ඒ” කණ්ඩායම දිනාගත් අතර එහි අනුශූරතාව යුද හමුදා ”බී” කණ්ඩායමට හිමිවිය.

වයස 23 න් පහළ කිලෝග්‍රෑම් 600 තරග අංශයේ පිරිමි ශූරතාව තලංගම ‘අයන් ආම්ස්’ කණ්ඩායම විසින් දිනාගන්නා ලද අතර එහි අනුශූරතාව කහවත්ත ක්‍රීඩා සමාජයට හිමිවිය. 

වයස 23 න් පහළ කිලෝග්‍රෑම් 500  තරග අංශයේ කාන්තා ශූරතාව කහවත්ත ක්‍රීඩා සමාජ කණ්ඩායම දිනාගැනීමට සමත් වූ අතර එහි අනුශූරතාව රත්මලාන ඇකඩමි ක්‍රීඩා සමාජය හිමිකරගත්තේය.

ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ විනිසුරුවන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය පැවැත්වූ අතර බර පන්ති තුනකින් යටතේ ත්‍රිවිධ හමුදා කණ්ඩායම් ඇතුළුව කණ්ඩායම් 35 ක් මෙම තරගාවලියට සහභාගී වූහ.

ජයසංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය අජිත් රෝහණ කොළොන්න මහතා සහභාගි විය.

මෙම අවස්ථාව ට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ප්‍රියන්ත ලියනගේ, කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති කේ ඇම් ජිනදාස,  ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති බ්‍රිගේඩියර් ජානක රණසිංහ, ශ්‍රී ලංකා  කඹ ඇදීමේ සම්මේලනය ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්දු සහ රත්නපුර දිස්ත්‍රික් කඹ ඇදීමේ සංගමයේ ලේකම් නිමාලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහූ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.


ඡායාරූප -  තුෂාර හෙට්ටිආරච්චි 


අදහස් (0)

යුද හමුදා ‘ඒ‘ කණ්ඩායම් කඹ ඇදීමේ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.