Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ක්‍රීඩා සමාජ 20 ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කගේ පමණ සහභාගීත්වයෙන් මහනුවර සහස් උයන එළිමහන් පරිශ්‍රයේදී පැවැති 94 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට යුද හමුදාවත්, කාන්තා ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවත් සමත් විය. පිරිමි ශූරතාව දිනාගැනිම වෙනුවෙන් යුද හමුදාවට ක්ලිෆර්ඩ් කුසලානද, කාන්තා ශූරතාව දිනාගැනීම වෙනුවෙන් ගුවන් හමුදාවට ඩයන් ගෝමස් අභියෝග කුසලානද පිරිනැමිණ.
යුද හමුදාව මෙවර තරගාවලියේ පිරිමි ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 9 ක්, රීදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගනිමිනි. රන් පදක්කමක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගත් ගුවන් හමුදාව පිරිමි අනු ශූරතාව හිමිකරගත් අතර රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගත් යුද හමුදා රතු කණ්ඩායම එහි තෙවැනි ස්ථානයට පත් විය.
රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ගුවන් හමුදාව තරගාවලියේ කාන්තා ශූරතාවට හිමිකම් කී අතර රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත් යුද හමුදාව කාන්තා අනු ශූරතාව හිමිකර ගත්තේය. හොරණ විද්‍යාරතන ක්‍රීඩා සමාජය එහි තෙවැනි ස්ථානයට පත් වූයේ රන් පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගනිමිනි.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 67) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදාවේ ඒ.එම්.ටී.එස්. අධිකාරි සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 50) බර පංතියෙන් තරග වැදුණ එ.එච්.එස්.ආර්. ප්‍රනාන්දු සම්මාන දිනාගත්තාය.
කේ.ඒ.එස්.කේ අබේගුණවර්ධන (කි.ග්‍රෑ, 51), රුක්මාල් ප්‍රසන්න (කි.ග්‍රෑ, 57), ආර්.එම්.පී.කේ.කේ. රස්නායක (කි.ග්‍රෑ, 60), පී.පී.එස්. සිරිවර්ධන (කි.ග්‍රෑ, 63.5), පී.එම්.එල්.එල්. චන්ද්‍රබණ්ඩාර (කි.ග්‍රෑ, 71), යූ.එස්.පී. සුධම්ම (කි.ග්‍රෑ, 86), පී.ඒ.ආර්.එස්. රූපසිංහ (කි.ග්‍රෑ, 92) සහ යූ.ඒ. අවිෂ්ක (කි.ග්‍රෑ, 92+) යුද හමුදාව වෙනුවෙන් රන් පදක්කම් දිනූ සෙසු ක්‍රීඩකයෝ වූහ.
පිරිමි අංශයෙන් බර පංති 13 ක් යටතේද, කාන්තා අංශයෙන් බර පංති 10 යටතේද පැවැති මෙම තරගාවලියේ සියලු තරග ජාත්‍යන්තර බොක්සිං සංගමය විසින් හඳුන්වාදෙනු ලැබූ නවතම නීති රීති වලට අනුව පැවැත්විණ. ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඔලිම්පික් ක්‍රීඩකයකු වන වත්මන් නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සහභාගි විය.
![]() |
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා යුද හමුදාවේ ඒ.එම්.ටී.එස්. අධිකාරි |
![]() |
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව එ.එච්.එස්.ආර්. ප්‍රනාන්දු (නිල් පාට) |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.