Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හතළිස් හය වැනි වරටත් පැවැති අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලීය සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව ලකුණු 101 ක් ලබාගත් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දිනාගන්නා ලදි. මෙහි කාන්තා ශූරතාව ලකුණු 61 ලබාගත් කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමය විසින් හිමිකරගන්නා ලදි.
විනාඩි 40 තත්ත්පර 03 කින් තරගය නිමාකළ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයේ නුවනු පෙරේරා විවෘත පිරිමි ශූරතාව හිමිකරගත්තේය. විනාඩි 43 තත්ත්පර 48 කින් තරගය නිමාකළ කොළඹ විශාකා විද්‍යාලයේ සෙනේසි හේරත් විවෘත කාන්තා ශූරතාව දිනා ගත්තාය.
ලකුණු 66ක් ලබාගත් මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය තරගයේ සමස්ත පිරිමි අනුශූරතාව දිනාගනිද්දී ලකුණු 58ක් ලබාගත් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය තරගයේ සමස්ත කාන්තා අනුශූරතාව දිනා ගත්තාය.
පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 551 ක සහභාගිත්වයෙන් පැවති මේ තරගයේදී විනාඩි 40 තත්ත්පර 09 කින් තරගය නිමකළ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයේම ඩිෂේන් රණවීර පිරිමි විවෘත අනුශූරතාවද, විනාඩි 40 තත්ත්පර 12කින් තරගය නිමකළ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ රශේන් ඩිල්ෂාන් එහි තෙවැනි ස්ථානය දිනා ගත්හ.
විනාඩි 40 තත්ත්පර 16 කින් තරගය නිම කළ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ශෂිනි නවෝද්‍යා විවෘත බාලිකා අනුශූරතාවද, විනාඩි 44 තත්ත්පර 58 කින් තරගය නිමකළ කොළඹ ශාන්ත බ්‍රෂ්ට් කන්‍යාරාමයේ මිනගි රූපසිංහ එහි තෙවැනි ස්ථානයද දිනා ගත්තාය.
මුල් විනාඩි 75 තුළ තරගය නිමකළ වයස්ගතම ක්‍රීඩකයාට හිමි සම්මානය වැල්ලවත්ත කිංරෝස් ජල ක්‍රීඩා සමාජයේ එස්. එච්. චන්ද්‍රපාල විසින්ද හිමිකරගන්නා ලදි. මුල් විනාඩි 75 තුළ තරගය නිම කළ ආබාධිත පිහිනුම් ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා යුධ හමුදාවේ එච්. ඩී.සී.එච්. පෙරේරා විසින්ද මුල් විනාඩි 75 තුළ තරගය නිමා කළ ලාබාලතම පිහිනුම් ක්‍රීඩකයාට හිමි සම්මාන මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ ෂෙවීන් රණවීර විසින්ද ක්‍රීඩිකාවට හිමි සම්මානය කොළඹ විශාඛා විද්‍යාලයේ කෙවිනි මුදලිගේ විසින්ද දිනා ගන්නා ලදහ.
ධර්මාශෝක විදුහල් ක්‍රීඩා මණ්ඩලයේ සංවිධානයෙන් හා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් මෙම පිහිනුම් තරගාවලිය අම්බලන්ගොඩ තනායම පිටුපස වෙරල තීරයේ පැවැත්විණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.