Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරන සමාරම්භක යොවුන් ගෝන් ප්‍රී චෙස් තරගාවලිය පසුගිය 8 වැනිදා චෙස් සම්මේලන මූලස්ථානයේදී ආරම්භ විය. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා රුපියල් 55,000 ක මුදල් ත්‍යාග පිරිනැමෙන මෙම තරගාවලිය ලබන 18 වැනිදා දක්වා පැවැත්වේ.
තරගාවලියට සහභාගිවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුඛ ආවරණ පැළඳිය යුතු අතර ඔවුන්ට දෑත් සේදීම සහ ශරීර උෂ්ණත්වය මැනීමද අනිවාර්ය කර තිබේ. තරග පැවැත්වීම සඳහා අඩි 3 ක් දිග, අඩි 3 ක් පළල මේස භාවිතා කරන බැවින් එහිදී පුද්ගල දුරස්ථභාවයද පවතී. තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදී නොමැත.
නව ආකෘතියක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලිස සඳහා වයස අවුරුදු 14 න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කරන දිවයිනේ ප්‍රමුඛ පෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 20 දෙනෙක් සහභාගි වෙති. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනා ‘ඒ’ සහ ‘බී’ ලෙස සමාන කාණ්ඩ 2 ක් යටතේ ලීග් ක්‍රමයට අනුව තරග වදිති.
මූලික වටයේ තරග අවසානයේ කාණ්ඩ දෙකේම ශූරයා සහ අනු ශූරයා අවසන් පූර්ව වටයට තෝරාගනු ලබන අතර එහිදී ‘ඒ’ කාණ්ඩයේ ශූරයාට එරෙහිව ‘බී’ කාණ්ඩයේ අනු ශූරයාත්, ‘බී’ කාණ්ඩයේ ශූරයාට එරෙහිව ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරයාත් තරග වැදීමට නියමිතය.
එම තරග දෙකෙන් ජය ලබන තරගකරුවන් දෙදෙනා අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත. මේ මස 18 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය වට දෙකකින් සමන්විත වන අතර එය නිමාවීමෙන් අනතුරුව එදිනම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.