Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යොහාන්ගෙන් ශතකයක්

යොහාන්ගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන පළඟ ශුරතාවලියේ වරාය අධිකාරිය සහ බී.ආර්.සී කණ්ඩායම් අතර තරගය මූවර්ස් ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) ආරම්භවූ අතර වරාය අධිකාරිය පළමු ඉනිම ලකුණු 237 කට සීමාකිරීමට බී.ආර්.සී පිලේ පන්දු යවන්නෝ සමත්වූහ.

එහිදී බී.ආර්.සී පිලේ යොහාන් ද සිල්වා ලකුණු 137 ක් රැස්කිරීමට සමත්වූ අතර අනෙත් පිතිකරුවන් සියලුදෙනාටම රැස්කිරීමට හැකිවූයේ ලකුණු 100 ක් පමණි.

දිනය නිමාවන විට බී.ආර්.සී පිල කිසිවකු නොදැවී ලකුණු 37 ක් රැස්කර සිටියේය.

තවත් තරග 2 ක් බ්ලූම්ෆීල්ඞ් සහ බී.ආර්.සී ක්‍රීඩාංගණවලදී අද ආරම්භවිය. එහිදී මීගමුව පිලේ ප්‍රසංසන ජයමාන්න (108) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර රාගම පිලේ නිශාන් පිරීස් කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


වරාය අධිකාරිය සහ බී.ආර්.සී කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී

වරාය අධිකාරිය 237, බී.ආර්.සී 37/0

වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 79.3 කදී සියලුදෙනා දැවී ලකුණු 237
(යොහාන් ද සිල්වා 137, ඉශාන් රංගන 38, මදුක ලියනපතිරණගේ 49/3, දුවිඳු තිලකරත්න 21/2)

බී.ආර්.සී - පළමු ඉනිම - ඕවර 13 කදී කිසිවකු නොදැවී ලකුණු 37


බදුරලිය සහ රාගම් කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී

බදුරලිය 277, රාගම 60/0

බදුරලිය - පළමු ඉනිම - ඕවර 78.5 කදී සියලුදෙනා දැවී ලකුණු 277
(සාලින්ද උෂාන් 36, පැතුම් මදුශංක 76, දෙනුවන් රාජකරුණා 44, සචිත් පතිරණ 42, බුද්ධික සංජීව 28, නිශාන් පිරීස් 88/6)

රාගම - පළමු ඉනිම - ඕවර 11 කදී කිසිවකු නොදැවී ලකුණු 60
(ජනිත් ලියනගේ නොදැවී 30, ශෙහාන් ප්‍රනාන්දු නොදවී 30)


මීගමුව සහ මූවර්ස් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී

මීගමුව 242/9

මීගමුව - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 242
(ශෙහාන් ජයසූරිය 20, අශේන් සිල්වා 41, ප්‍රසංසන ජයමාන්න 108, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 24, රමේෂ් මෙන්ඩිස් 52/4, චානුක් දිල්ශාන් 33/2)

 


අදහස් (0)

යොහාන්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.