Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රජවරුන්ගේ සටනේ බාලිකා ශූරතාව ධර්මාශෝකයට

රජවරුන්ගේ සටනේ බාලිකා ශූරතාව ධර්මාශෝකයට

editorial - 2023 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

කොළඹ රාජකිය විද්‍යාලය විසින් සංවිධානය කරන ලද 26 වැනි රජවරුන්ගේ සටන චෙස් තරගාවලියේ බාලිකා ශුරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි. ධර්මාශෝක විද්‍යාලය මේ තරගාවලියේ බාලිකා ශුරතාව දිනාගත්තේ හත් වැනි වතාවටය.

මේ තරගාවලියට  චෙස් ක්‍රිඩාවට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන දිවයිනේ පාසල්වල වයස 20න් පහළ බාලක, බාලිකා කණායම් 34 ක් සහභාගීවුහ.

එහිදි පොදුවේ බාලක සහ බාලිකා කණ්ඩායම් අතර තරගාවලිය ක්‍රියාත්මක කෙරුණු අතර ධර්මාශෝක විද්‍යාලයීය බාලිකා කණ්ඩායමට මුහුණදීමට සිදුවු තරග වට පහෙන් තරග වට 4 ක් බාලක තරග ලෙසින් ද තරගවටයක් බාලිකා කණ්ඩායමක් සමග ද තරග වැදීමට සිදු විය.

ධර්මාශෝක බාලිකාවෝ පළමු වටයේදි නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය ලකුණු  5-1 එකක් ලෙස පරාජය කළහ. දෙවැනි තරග වටයේදී කොළඹ නාලන්දා විද්‍යාලයද ලකුණු 5-1 ක් ලෙස පරාජය කළ අතර තෙවැනි තරග වටයේදී ධර්මාශෝක විද්‍යාලයීය බාලක කණ්ඩායම හමුවේ ලකුණු 4.5 - 1.5 ක් ලෙස පරාජයට පත්වූහ.

සිව් වැනි තරග වටය කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමග පැවති අතර එහිදී ලකුණු 3-3 ක් ලෙස සහ පස් වැනි තරගවටයේදී මාතර රාහුල විද්‍යාලය සමගද ලකූණු 3-3  ලෙස තරග දෙකම ජය පාරාජයෙන් තොරව කෙළවර කර ගනිමින් තරගාවලියේ සමස්ත ලකුණු 17.5ක් ලබා ගනිමින් ධර්මාශෝක බාලිකාවෝ තරගාවලියේ බාලිකා ශූරතාව දිනා ගත්හ.

සමස්ත ලකුණු 17ක් ලබාගත් රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලය තරගාවලියේ අනු ශුරතාව හිමිකරගත්තේය. සමස්ත ලකුණු 15.5ක් ලබාගත් මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට එහි තෙවැනි ස්ථානය හිමි විය.

 

ශූරතාව දිනා ගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය බාලිකා කණ්ඩායම

(වමේ සිට) යසිරු රස්මිත මහතා (සහාය පුහුණුකරු) , මියුනි නුවන්ති, අයනිජා කලංසුරිය, සුහේලි ප්‍රනාන්දු, මෙතුෂි අමායා (නායිකා), සයුමි විමංසා, නදිත්‍යා කවිසරී, විහිනි සහන්සා සහ කසුන් විමලසූරිය මහතා (ප්‍රධාන පුහුණුකරු) 


අදහස් (0)

රජවරුන්ගේ සටනේ බාලිකා ශූරතාව ධර්මාශෝකයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.