Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කුළීගොඩ මාදම්පා මධ්‍ය විද්‍යාලය අතර රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති පළමු වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 140 කින් ජයගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දේවපතිරාජ විද්‍යාලය ඕවර 45.5 කදී සියලුදෙනා දැවී ලකුණු 302 ක් රැස්කිරීමට සමත්විය.
දක්ෂ පිතිහරඹයක නිරතවූ පැතුම් මදුසංක (102) ශතකයක් ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ඉරුෂ්ක තිමිර (51) අර්ධ ශතකයක් ලබාගත්තේය.
මල්ෂ තරුපති සහ චමෝද් කේෂාන් කඩුලු 3 බැගින්ද රවිඳු නිම්ෂාන් කඩුලු 2 ක් ද දවාගනිමින් මාදම්පා මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 303 ක ඉලක්කයක් හඹාගිය මාදම්පා මධ්‍ය විද්‍යාලයට ඕවර 43.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 162 ක් පමණි.
ලකුණු 29 ක් ලබාගත් සසිඳු නිමේෂ් මාදම්පා මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සචින් දිල්හාර ලකුණු 27 ක් සහ මල්ෂ තරුපති ලකුණු 22 ක් රැස්කිරීමට සමත්වූහ.
පන්දුවෙන් දස්කම් දැක්වූ මතීෂ සාරංග කඩුලු 3 ක් දවාගනිමින් දේවපතිරාජ විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
දේවපතිරාජ විද්‍යාලය - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී ලකුණු 302
(පැතුම් මදුසංක 102, ඉරුෂ්ක තිමිර 51, ජීවක ශෂීන් 49, කල්ප තේචිය නොදැවී 33, මල්ෂ තරුපති 66/3, චමෝද් කේෂාන් 32/3, රවිඳු නිම්ෂාන් 50/2)
මාදම්පා මධ්‍ය විද්‍යාලය - ඕවර 43.3 කදී සියලුදෙනා දැවී ලකුණු 162
(සසිඳු නිමේෂ් 29, සචින් දිල්හාර 27, මල්ෂ තරුපති 22, මතීෂ සාරංග 32/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.