Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රවීන්ද්‍ර-මෙදොන්සා නඩුමගට

රවීන්ද්‍ර-මෙදොන්සා නඩුමගට

editorial - 2024 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී  ලංකා ජිම්නාස්ටික්  සංගමයේ විනය කමිටුව තමන්ට එරෙහිව පන්වා තිබෙන තහනමට එරෙහිව නීති මගින් කටයුතු කරන බව ජිම්නාස්ටික් පුහුණුකරුවන් වන රවීන්ද්‍ර  මෙන්ඩිස් හා ශාන්ත මෙදොන්සා යන මහත්වරු පවසති.

ජිම්නාස්ටික් නිලධාරීන් ලෙසත් තනතුරු හොබවා ඇති මොවුන් ලංකාදීපයට පැවැසුවේ ජිම්නාස්ටික් සංගමයේ ලේකම්වරයා තමන්ට චෝදනා කීපයක්ම මුල් කර ගනිමින් විනය පරීක්ෂණයක් පවත්වා මෙම  තහනම පැනවූ බව ප්‍රකාශ කළත් එය තරයේ ප්‍රතික්ෂේප  කරන බවයි.

තමන්ට තහනමක් පැනවූ බව ප්‍රකාශ කරන ජිම්නාස්ටික්  සංගමයේ ඇතැම් නිලධාරින් මීට පෙර විවිධ  විෂමාචාර චෝදනා මත වැරදිකරුවන් වූවන් බවත් ඔවුන්ට තමන් සම්බන්ධයෙන්  තීරණ තීන්දු ලබාදීමට සදාචාරාත්මක අයිතියක් නැති බවත් ඒ පිළිබඳව  වැඩිදුරටත්  අදහස් දක්වන ඔවුන් පවසති.

ඉහත නිලධාරීන්  දෙදෙනාට ජිම්නාස්ටික්  ක්‍රීඩා කටයුතු වල නියැළිය නොහැකි වන පරිදි චෝදනා  කීපයකට වරදකරුවන් කරමින් ජාතික ජිම්නාස්ටික්  සංගමයේ විනය කමිටුව  විසින්  විමර්ෂනයක් පවත්වා ඔවුන්ට තහනමක් පැනවූ බවට ජිම්නාස්ටික්  සංගමයේ ලේකම් උදාර එස්.ලියන්විල මහතා  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

- 223


අදහස් (0)

රවීන්ද්‍ර-මෙදොන්සා නඩුමගට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.