Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානයෙන් මහනුවරදී පැවති ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ චෙස් ශුරතාවලියේ පිරිමි ශුරතාව කොළඹ සුපර් නයිට් ක්‍රීඩා සමාජයේ පෙසඳු රශ්මිත විසින් දිනාගන්නා ලදි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එසදී නෙවන්සා එහි කාන්තා ශුරතාව දිනා ගත්තාය .
පිරිමි ශුරතාව දිනා ගත් පෙසඳු රශ්මිත තරග වට 8 න් ලකුණු 7.5 ක් ලබාගත්තේය. එසදී නෙවන්සාද තරග වට 8න් ලකුණු 7.5 ක් ලබාගත්තාය.
පිරිමි තරගාවලිය සදහා වයස 20 ට අඩු ක්‍රීඩකයෝ 249 ක් සහභාගි වූහ. කාන්තා තරගාවලියට ක්‍රීඩිකාවෝ 158 ක් සහභාගිවුහ .
පිරිමි තරගාවලිය ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටි පෙසඳු රශ්මිත තරගාවලියට සහභාගිවූ චෙස් ක්‍රීඩකයින් අතරින් එහි ශුරතාව දිනා ගත්තේ තරග 8 පුරාම අපරාජිතව සිටිමින්ය .
යාපනය හින්දු විද්‍යාලයේ බි.ජනුක්ෂන් හා මාතර රාහුල විද්‍යාලයේ ගිනුක ගුණවීර දෙදෙනාම තරග වට 8න් ලකුණු 7 බැගින් ලබාගත්හ. එහෙත් චෙස් ක්‍රීඩාවේ සම තත්වය බිදීමේ ක්‍රමවේදයේදී බි .ජනුක්ෂන්ට තරගාවලියේ අනු ශුරතාවත් ගිනුක ගුනවීරට එහි තෙවැනි ස්ථානයත් හිමිවිය.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එසදී නෙවන්සා දෙවතාවක්ම ජාතික ශුරියකවූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේම සයුනි ගිහන්සා පරාජය කරමින් ජාතික කනිෂ්ඨ ශූරතාව දිනාගත්තාය. සයුනිට අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
නෙවන්සා තරග වට 8න් ලකුණු 7.5 ක් ලබාගත් අතර හිටපු ජාතික ශුරිය සයුනි ගිහන්සාට ලබා හැකිවුයේ ලකුණු 7ක් පමණි. ලකුණු 6.5 ක් ලබාගත් කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ දුලිත්මා රත්නායකට කාන්තා තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.