Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රෆායල් නඩාල්ට කොරෝනා

රෆායල් නඩාල්ට කොරෝනා

editorial - 2021 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ජනවාරි මස 17 වැනිදා ආරම්භ වීමට නියමිත ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලිය සඳහා තමාගේ සහභාගීත්වය පිළිබඳව දැන්මම නිශ්චිතව යමක් කිව නොහැකි බව ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 කට හිමිකම් කියන ස්පාඤයේ රෆායල් නඩාල් පවසයි.

අබුඩාබිහිදී පැවැති මුබාදලා ජාත්‍යන්තර ටෙනිස් තරගවලියට සහභාගී වී යළිත් ස්පාඤ්ඤයට පැමිණීමෙන් පසුව කොවිඩ්-19 වයිරසය අසාදනය වීම හේතුවෙන් නඩාල් මේ වන විට ස්වයං නිරෝධායනයකට ලක්වෙමින් සිටියි.

රෝගී තත්ත්වය හේතුවෙන් තමා අපහසු අවස්ථා කිහිපයකටම මුහුණදුන් නමුත් ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවද, ඉදිරියේදී තමා සහභාගි වන තරගාවලි පිළිබඳව ක්‍රීඩා ලෝලීන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද නඩාල් කියා සිටියේය.

“අබුඩාබි තරගාවලියට නිමාවී නැවත ස්පාඤ්ඤයට පැමිණීමෙන් අනතුරුව සිදුකල පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රථිඵල වලට අනුව මට කොවිඩ්-19 වයිරසය ආසාදනය වෙලා තිබෙනවා කියලා දැනගන්න ලැබුණා.” යැයි නඩාල් විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවිඩයක සඳහන් වී තිබිණ.

මේ වන විට 35 වැනි වියේ පසුවන නඩාල්ට අබුඩාබි බලා යෑමේදී කුවේට් රාජ්‍යයේදී කළ පී.සී.ආර්. පරීක්ෂණයට අනුවද, එක්සත් අරාබි රාජ්‍යයට පැමිණීමෙන් සහ ඉන් පිටත්වීමෙන් අනතුරුව කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අනුවද කොවිඩ්-19 වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබිණ.

මෙම වසරේ අගෝස්තු මස ඇමරිකාවේ වොෂිංටන් නුවරදී පැවැති ටෙනිස් තරගාවලියකදී අබාධයකට ලක්වූ නඩාල්, ඉන් අනතුරුව සහභාගි වූ පළමු ජාත්‍යන්තර ටෙනිස් තරගාවලිය මෙයයි.  කෙසේ වුවත් එහිදී ඔහු එංගලන්තයේ ඇන්ඩි මරේ සහ කැනඩාවේ ඩෙනිස් ශපොවාලෝ හමුවේ පරාජයට පත් විය.

මෙම වසරේදී පැවැති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයේදී සර්බියායේ නොවැක් ජොකොවික් හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව කෙටි විවේකයක් ලබාගැනීම සඳහා තරග බිමෙන් ඈත්ව සිටි නඩාල්, ඉන් අනතුරුව පැවැති විම්බල්ඩන් සහ ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලි සඳහා මෙන්ම ඔලිම්පික් තරගාවලියටද සහභාගි වීමෙන් වැළකී සිටියේය.

 

-036


අදහස් (0)

රෆායල් නඩාල්ට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.