Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රාජකීය - ශා. ජෝශප් පෙරමුණේ

රාජකීය - ශා. ජෝශප් පෙරමුණේ

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ සිවුවැනි සතියේ තරග අවසන් වන විට කොළඹ රාජකීය විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අපරාජිතව පෙරමුණේ රැදී සිටියි.

රාජකීය විදුහල තරග හතරම ජය ලබා අතිරේක ප්‍රසාද ලකුණු දෙකක් ද සමගින් ප්‍රසාද ලකුණු 22 ක් ලබා පළමු කාණ්ඩයේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටියි.

බම්බලපිටිය ශාන්ත පීතර විදුහල තරග තුනක් ජය ලබා අතිරේක ප්‍රසාද ලකුණු තුනක් සමගින් ප්‍රසාද ලකුණු 18 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි.

ශාන්ත ජෝශප් විදුහල සහ ඉසිපතනය විදුහල තරග හතරම ලබා ප්‍රසාද ලකුණු 23 බැගින් ලබා සිටින අතර ශාන්ත ජෝශප් විදුහල උත්සාහක දිනුම් අනුව දෙවැනි කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණ සිටියි.

ශාන්ත ජෝශප් විදුහල පැවැති තරග හතරේදී උත්සාහක දිනුම් 20 ක් ද, ඉසිපතන විදුහල උත්සාහක දිනුම් 16 ක් ද, සම්පූර්ණ කර තිබේ.

 

සිවුවැනි සතියේ තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහන

 


අදහස් (0)

රාජකීය - ශා. ජෝශප් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.