Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රාජකීය තුරඟ තරගාවලිය ඉරිදා

රාජකීය තුරඟ තරගාවලිය ඉරිදා

ශානුක අරවින්ද - 2020 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජකීය තුරඟ තරග සමාජය 2020 වසර සඳහා සංවිධානය කරන පළමු තුරඟ තරගාවලිය වන රාජකීය තුරඟ තරග කුසලාන තරගාවලිය අනිද්දා (8 වැනිදා) නුවරඑළියේ තුරඟ තරග පිටියේදී පෙරවරු 9.00 සිට පැවැත්වේ.  මෙම තරගාවලියේදී කාණ්ඩ 5 ක් යටතේ තරග පැවැත්වීමට නියමිත අතර එහිදී උසස් වර්ගයේ අශ්වයන් 50 ක් පමණ තරග බිමට පිවිසීමට නියමිත බව සංවිධායකයෝ පවසති. ඊට තරගාවලියේ උණුසුම වැඩි කරවන සුලු උද්වේගකර තරගයක්ද ඇතුළත් වේ.

අප්‍රේල් මාසයේ උත්සව සමය තුළදී තවත් තරගාවලි දෙකක් පැවැත්වීමට රාජකීය තුරඟ තරග සමාජය සූදානමින් සිටියි. ඒ අතරින් ආර්.ටී.සී. මැජික් මිලියන් කුසලාන තරගාවලිය තරගාවලිය අප්‍රේල් මස 5 වැනිදාද, ආර්.ටී.සී. ආණ්ඩුකාර කුසලාන තරගාවලිය අප්‍රේල් මස 15 වැනිදාද පැවැත්වේ.

අප්‍රේල් මාසයේදී පැවැත්වෙන ප්‍රධාන තරගාවලි දෙක වෙනුවෙන් සූදානම් වීම සඳහා අශ්වයන්ට, අසරුවන්ට සහ අසුන් හිමිකරුවන්ට මෙම තරගාවලිය සංවිධානය කෙරේ.

නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වෙන මෙම තරගාවලි තුන සඳහා අශ්වයන් සහ අසරුවන් ඉදිරිපත් කිරීම සඳහා රාජකීය තුරග තරග සමාජය මේ වන විට ජාත්‍යන්තර තුරඟ තරග සමාජ කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටියි. ප්‍රධාන විධායක නිලධාරී වේන් වුඞ් මහතාගේ නැවත පැමිණීමත්, නිහාරා ජයතිලක රත්නම් මහත්මිය නව සභාපතිවරිය ලෙස පත්වීමත් සමඟ මෙම තරගාවලි තුන අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට රාජකීය තුරඟ තරග සමාජය කටයුතු යොදා තිබේ.


අදහස් (0)

රාජකීය තුරඟ තරගාවලිය ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.