Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 140 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (08) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට රාජකීය විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු හතරක් දැවී ලකුණු 148 ක් රැස්කර සිටියේය.
දෙවැනි දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු හයක් අතැතිව ලකුණු 10 ක් පමණක් පෙරමුණේ සිටි රාජකීය පිතිකරුවෝ ඉතා අසීරු ගමනක නිරතව සිටිති. දෙවැනි දිනයේ ක්‍රීඩාව අවසන් වන විට භාග්‍ය දිසානායක (නොදැවී 16) සහ කවිඳු පතිරත්න (නොදැවී 20) පස්වැනි කඩුල්ලට ලකුණු 37 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියද තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව ඇති බැවින් තරගයේ වාසිය සාන්ත තෝමස් පිල වෙත නැඹුරු වී තිබේ.
නායක කවිඳු මදාරසිංහ සහ අහන් වික්‍රමසිංහ තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 37 ක සම්බන්ධතාව රාජකීය විදුහලට සහනයක් විය. රාජකීය විදුහල් පිලේ ප්‍රබලම පිතිකරුවා වන කමිල් මිෂාර පන්දු 58 කදී හතරේ පහර හයක් සමගින් ලකුණු 34 ක් ලබා දැවී ගියේය.
වමතින් වේග පන්දු යවන කළන පෙරේරා මෙම ඉනිමේදී ද රාජකීය විදුහල් පිතිකරුවන්ට දැඩි අභියෝගයක් බවට පත්විය. පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු හයක් දැවී ලකුණු 158 ක් රැස්කර සිටි සාන්ත තෝමස් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 296 ක් රැස් කළේය. ඒ අනුව සාන්ත තෝමස් විදුහල පළමු ඉනිමේදී ලකුණු 138 ක වාසියක් ලබාගත්තේය.
සාන්ත තෝමස් විදුහලේ කඩුලු 8 ක් ලකුණු 169 කට දැවී සිටියදී කළන පෙරේරා අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් තරගය කළපිට පෙරළීමට සමත් විය. අංක 10 පිතිකරු කළන වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 59 කදී හතරේ පහර නවයක් සහ හයේ පහරක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට සමත්විය. කළනගේ අර්ධ ශතකය පන්දු 46 කින් වාර්තා විය.
කළන සහ උමයංග සුවාරිස් අතර නවවැනි කඩුල්ලට පන්දු 108 කින් ගොඩනැගුණු ලකුණු 91 ක සම්බන්ධතාව මෙම තරගයේ වාසිය සාන්ත තෝමස් විදුහල වෙත දිනා දුන්නේය. අංක නවය පිතිකරු වූ උමයංග සුවාරිස් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 109 කදී හතරේ පහර නවයක් සමගින් ලකුණු 62 ක් රැස් කළේය.
උමයංග සහ ශනෝන් ප්‍රනාන්දු (නොදැවී 05) අවසන් කඩුල්ලට ගොඩනැගූ ලකුණු 36 ක සම්බන්ධතාව නිසා දිවා විවේකය මිනිත්තු 30 ක් පසු ගැනීමටද සිදුවිය.
හෙට (09) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.
රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 158
(කමිල් මිෂාර 36, අහන් වික්‍රමසිංහ 15, කවිඳු පතිරත්න 35, කෞෂාන් කුලසූරිය 28, කළන පෙරේරා 54/6, ශනෝන් ප්‍රනාන්දු 27/4)
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 78.5 කදී සියලු දෙනා දැවී 296
(ශලීන් ද මෙල් 21, රයන් ප්‍රනාන්දු 60, යොහාන් පෙරේරා 49, උමයංග සුවාරිස් 62, කළන පෙරේරා 62, කමිල් මිෂාර 70/3, ගිෂාන් බාලසූරිය 66/2, කවිඳු පතිරත්න 83/3)
රාජකීය විදුහල දෙවැනි ඉනිම - ඕවර 51 කදී කඩුලු 4 ට 148
(ඉසිවර දිසානායක 20, කමිල් මිෂාර 34, කවිඳු මදාරසිංහ 25, අහන් වික්‍රමසිංහ 26, භාග්‍ය දිසානායක නොදැවී 16, කවිඳු පතිරත්න නොදැවී 20, කළන පෙරේරා 63/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.