Last Update  :  2024-12-26 18:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රාජ්‍ය සේවා දැල්පන්දු තෙදිනක් මඩකලපුවේදී

රාජ්‍ය සේවා දැල්පන්දු තෙදිනක් මඩකලපුවේදී

editorial - 2024 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය මෙහෙයවන රාජ්‍ය සේවා දැල්පන්දු ලීග් හා පිළිමලුන් පිටුදැකීමේ  තරග මාලාව සෙනසුරාදා (23) මඩකළපුව නගර සභා  ක්‍රිඩාංගනයේදී ආරම්භ වේ. මෙම තරගාවලියට කණ්ඩායම් 20 ක් පමණ සහභාගි වීමට නියමිතය.

එහි සභාපතිනී ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය පවසන්නේ දුෂ්කර ප්‍රදේශවල දැල්පන්දු ක්‍රීඩාව නැංවීම සදහා ඈත දුරබැහැර ප්‍රදේශවලදී තරග සංවිධානයට සිය සංගමය උනන්දුවී සිටින බවයි.

තරගාවලිය ඉරිදා හා සදුදා යන (24 -25) දිනවලදීත් පැවැත්වේ. සදුදා වර්ණ සම්මාන රාත්‍රීයෙන් තරග මාලාව අවසන් කෙරේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ධූරය දරමින් සිටියදී ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය විසින් දැන හදුනා ගැනීමෙන් පසු කාලයේදී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ක්‍රීඩා කළ ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව වූ තර්ජනී ෂිවලිංගම් ගේ උපන් ගම් පළාතට සැලකීමක් ලෙස මෙවර තරගාවලිය මඩකලපුවේදී  පවත්වන බව රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය පවසයි.


අදහස් (0)

රාජ්‍ය සේවා දැල්පන්දු තෙදිනක් මඩකලපුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.