Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රි ලංකා ජාතික රැපීඩ් හා බ්ලිට්ස් (කාන්තා/පිරිමි) චෙස් තරගාවලි දෙක නොවැම්බර් මස 4 සහ 5 දෙදින කොට්ටාව ආනන්ද විද්‍යාලයේදී පැවැත්වේ.
මේ තරගාවලි දෙකෙන් පළමුවෙන්ම පැවැත්වෙනුයේ රැපීඩ් චෙස් තරගාවලිය වන අතර එම තරගාවලිය නොවැම්බර් 4 වැනිදා පෙරවරු 8.30 ට ආරම්භ කෙරේ. රැපීඩ් චෙස් තරගාවලිය තරග වට නවයකි.
රැපීඩ් චෙස් තරගාවලියේ ශූරයාට මුදලින් රුපියල් 50,000ක් ද අනු ශූරයාට මුදලින් රුපියල් 25,000ක් ද තෙවැනි ස්ථානය සදහා මුදලින් රුපියල් 15,000ක් ද පිරිනමනු ලබයි. ශූරියට මුදලින් රුපියල් 40,000ක් ද අනු ශූරියට මුදලින් රුපියල් 20,000ක් ද තෙවැනි ස්ථානය සදහා මුදලින් රුපියල් 10,000ක් ද පිරිනමනු ලබයි.
බ්ලිට්ස් තරගාවලිය නොවැම්බර් මස5 වැනිදා පෙරවරු 10.30 ට ආරම්භ කෙරෙන අතර එම තරගාවලියද තරග වට නවයකින් සමන්විතය.
මේ තරගාවලියේ ශූරයාට මුදලින් රුපියල් 40,000ක් ද අනු ශූරයාට මුදලින් රුපියල් 20,000ක් ද තෙවැනි ස්ථානය සදහා මුදලින් රුපියල් 10,000ක් ද පිරිනමනු ලබයි.
ශූරියට මුදලින් රුපියල් 30,000ක් ද අනු ශූරියට මුදලින් රුපියල් 15,000ක් ද තෙවැනි ස්ථානය සදහා මුදලින් රුපියල් 8,000ක් ද පිරිනමනු ලබයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.