Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ සුගතදාස පිහිනුම් ක්‍රීඩා සංකීර්ණයේදී දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා තරගාවලියේදී වසර 44 ක් පැරණි වාර්තාවක් බිද දැමීමට කොළඹ මියුසියස් විදුහලේ රුෂලී දිසානායක ඊයේ (9) සමත් වූවාය. ඒ වයස 14 න් පහළ බාලිකා කාණ්ඩයේ මීටර් 400 - නිදහස් ආර කනිෂ්ඨ ඉසව්වෙනි.
එම ඉසව්ව විනාඩි 4 තත්පර 59.52 කට නිමා කරමින් ඇය රන් පදක්කම දිනා ගත්තාය. 1980 දී විනාඩි 5 තත්පර 10.06 කට මෙම ඉසව්ව නිමා කළ කොළඹ බිෂොප්ස් විදුහලේ උදේශිකා බියන්විල එහි පැරණි වාර්තාවට හිමිකම් කීවාය.
මෙම තරගාවලියේ දෙවැනි දිනය වූ අද සවස තරග අවසන් වන විටත් බිඳවැටී තිබුණේ උදේශිකා සතුව පැවැති වාර්තාව පමණි.
දින හයක් පුරා පැවැත්වෙන පාසල් ජල ක්‍රීඩා තරගාවලියට පාසල් 200 කින් සිසු සිසුවියෝ 5000 ක් ඉදිරිපත්ව සිටිති. මෙම තරගාවලිය ඉරිදා (14) දක්වා පැවැත්වෙයි.
මයිලෝ සන්නාමය යටතේ නෙස්ලේ ලංකා සමාගම මෙම තරගාවලියට අනුග්‍රහය දක්වයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.