Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා මල්ලවපොර (කාන්තා) කණ්ඩායමේ රුසියානු පුහුණු සංචාරය අත්හිටුවන ලෙස ලෝක මල්ලවපොර සම්මේලනය ශ්‍රී ලංකාවට දැනුම් දෙයි. ඒ වෙනුවට ඔවුන් හංගේරියාවේදී පැවැත්වෙන නේවාසික පුහුණුවීම් සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය ඒ අනුව තීරණය කර තිබේ.
රුසියාවේ ආක්‍රමණයට ලක්ව සිටින යුක්රේනයට සහයෝගයක් ලෙස මේ වනවිට අන්තර් ජාතික මල්ලවපොර සම්මේලනය රුසියාවට තහනමක් පනවා තිබේ. ඊට සහයෝගය පළ කරන ලෙස සිය සියලු සාමාජික රටවලට කළ දැනුම්දීමට අනුව ශ්‍රී ලංකාවට රුසියානු පුහුණු සංචාරයෙන් වළකින ලෙස මෙලෙස දැනුම්දී තිබේ.
කෙසේ වුවත් රුසියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත්තේ පුහුණු සංචාරයට පැමිණෙන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු පහසුකම් සළසාදීමට සූදානම් බවයි.
ජූලි 28 වැනිදා ‘‘බර්මින්හැම්’ නුවරදී ආරම්භ වන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවීමට අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සිවු දෙනකු හා පුහුණුකරුවකු මෙලෙස මාර්තු 6 වැනිදා සිට ජූලි 31 වැනිදා දක්වා රුසියාවේදී පැවැත්වෙන අන්තර් ජාතික නේවාසික (මාස පහක) පුහුණු පාඨමාලාවක් සඳහා සහභාගිවීමට සූදානමින් සිටියේය.
රුසියාවේ ‘විලැඩිකව්කාස්’ නගරයේ දී ඔවුන් පුහුණුවීම් හැදෑරීමට නියමිතව සිටියේය. ඒ පිළිබඳව ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා පැවසුවේ ශ්‍රී ලංකා කාන්තා මල්ලවපොර කණ්ඩායම හංගේරියාවේ නේවාසික පුහුණුවීම් සඳහා යොමුකරන අතර ශ්‍රී ලංකා මල්ලවපොර (පිරිමි) කණ්ඩායමේ ක්‍රීඩකයන් කීපදෙනකු සඳහා ද මොංගෝලියාවේදී නේවාසික පුහුණුවීම් ලබාදීමට ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධීකරණයෙන් හා ලෝක මල්ලවපොර සම්මේලනයේ දායකත්වයෙන් කටයුතු කරන බවයි.
රුසියානු පුහුණු සංචාරය සඳහා අනුග්‍රහය දැන්වීමට සූදානමින් සිටියේද ලෝක මල්ලවපොර සම්මේලනයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.