Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතර උයන්වත්ත ක්රීඩාංගණයේදී පුරා තෙදිනක් පැවැති මාතර ශාන්ත තෝමස් විදුහල සහ මාතර ශාන්ත සර්වේශස් විදුහල අතර 119 වන ‘රුහුණු මහා නිල් හටන‘ වාර්ෂික මහා ක්රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.
ශාන්ත සර්වේශස් විදුහල දෙවැනි ඉනිම කඩුලු හතරක් දැවී ලකුණු 151 ක් ලබා සිටියදී අත්හිටුවා ශාන්ත තෝමස් විදුහලට ඕවර දෙකකදී ලකුණු 75 ක ඉලක්කයක් බාර කළේය. තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද (24) පස්වරුවේ ක්රීඩාව අවසන් වන විට ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 11 ක් රැස්කර සිටියේය.
ශාන්ත තෝමස් විදුහල කඩුලු අටකට ලකුණු 428 ක් රැස්කර සිටියදී පළමු ඉනිම අත්හිටුවීය. ඒ අනුව ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිමේ ලකුණු 77 ක වාසියක් ලැබුණි. ගිසන්තික ජයවීර (85) සහ හිරන්ත ලක්ෂාන් (74) හත්වැනි කඩුල්ලට ලකුණු 136 ක සම්බන්ධතාවක් පවත්වමින් ශාන්ත තෝමස් විදුහල ප්රබල තත්ත්වයකට රැගෙන ආහ.
තරගයේ දෙවැනි දිනය වූ සෙනසුරාදා (23) පස්වරුවේ ක්රීඩාව අවසන් කරන විට ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හයක් දැවී ලකුණු 289 ක් රැස්කර සිටියේය. ඒ වන විට ශාන්ත තෝමස් විදුහල් පිල කඩුලු හතරක් අතැතිව ලකුණු 62 ක් පසු පසින් සිටියේය.
ශාන්ත තෝමස් විදුහල් පිල දෙවැනි දිනයේ ඕවර 90 දී කඩුලු හතරක් පමණක් ලබාදෙමින් තුන්දින තරගයකට වඩාත් ගැළපෙන පිතිහරඹයක නිරත වීම කැපී පෙනුණි. හරිඳු ජයසේකර අවස්ථානුකූල ඉනිමක් ක්රීඩා කරමින් පන්දු 193 කදී හතරේ පහර 16 ක් සමගින් ලකුණු 105 ක් රැස්කිරීමට සමත් විය.
හරිඳු එම ඉනිමේදී සිනෙත් සිතාර (32) සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 83 ක ද, නායක මිහිසල් අමෝද (58) සමඟ එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 92 ක ද, අනගි සම්බන්ධතා දෙකක් පැවැත්වීය. නායක මිහිසල් අමෝද පන්දු 124 ක් කඩුල්ල ආරක්ෂාකරගනිමින් හතරේ පහර 10 ක් ද සමගින් ලකුණු 58 ක් රැස් කළේය.
ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම ඕවර 79 කදී කඩුලු 6 ට 351
(චිහාන් කලිදු 114, රිසිර ලක්වින් නොදැවී 128, ශෂික දුල්ෂාන් 45, පුෂ්පික ඩිල්ෂාන් 26, පසිඳු මනුප්රිය 21, සචිර රෂ්මික 78/2, හිරන්ත ලක්ෂාන් 17/2)
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 147.1 කදී කඩුලු 8 ට 428
(හරිඳු ජයසේකර 105, මිහිසල් අමෝද 58, සිනෙත් සිතාර 32, වෝෂිත අත්සර 15, ගිසන්තික ජයවීර 85, හිරන්ත ලක්ෂාන් 74, චරිත් හර්ෂණ 39/2, පසිඳු මනුප්රිය 104/3, චේතක දෙනුවන් 41/2)
ශාන්ත සර්වේශස් විදුහල දෙවැනි ඉනිම ඕවර 36.5 කදී කඩුලු 4 ට 151
(ශෂික දුල්ෂාන් 40, චේතිය දෙනුවන් 44, රිසිර ලක්වින් නොදැවී 30, ජනිදු ශංක දිදුලන්ත 18)
ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම ඕවර 2 කදී කිසිවකු නොදැවී 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.