Last Update  :  2025-04-10 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රෝහණ හොකී නිලවරණය වර්ජනය කරයි

රෝහණ හොකී නිලවරණය වර්ජනය කරයි

editorial - 2021 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
(නාමල් පතිරගේ) 

අභියාචනාධිකරණය පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමෙන් පසුව අද (2 වැනිදා) පෙරවරු 10.00 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට සූදානම් කර තිබෙන ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය වර්ජනය කිරීමට සභාපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා ප්‍රධාන ඔහුගේ පාර්ශ්වය තීරණය කර තිබේ. 

හොකී සම්මේලනයේ හිටපු සභාපතිවරයකු ද වන මාතලේ දිස්ත්‍රික් හොකී සම්මේලනයේ සභාපති රෝහණ දිසානායක මහතා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා වෙත විරෝධතා ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ හොකී සම්මේලනයේ කැඳවා තිබෙන නිලවරණය ක්‍රීඩා පනතේ සංශෝධිත රෙගුලාසිවලට පටහැනි බැවින් ඉදිරිපත් කර තිබෙන විමශන අවසන් කිරීමෙන් පසුව පමණක් එය කැඳවීමට සිය පාර්ශ්වය එකඟ බවයි. 

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ප්‍රාදේශීය හොකී සංගම් ඉල්ලා ඇති තොරතුරු ලබා නොදීම, ක්‍රීඩා අමාත්‍යාංශ විමර්ශන කමිටුවේ වාර්තාව එලිදැක්වීමට ආපොහොසත්වීම ආදී කරුණු කීපයක් ගැනද මෙම විරෝධතා ලිපියෙන් අවධාරණය කර තිබේ. 

අද කැඳවා තිබෙන හොකී නිලවරණයේදී අනෙක් ප්‍රධාන පාර්ශ්වය වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතාගේ පාර්ශ්වයයි. හිටපු උප සභාපතිවරුන් දෙදෙනකු වන දර්ශන  විජේසිංහ හා ආර්. මහේෂ්වරන් යන මහත්වරුන්ද සභාපති ධුරයට නාම යෝජනා බාරදී ඇතත් මේ දෙදෙනාම කමල් පුෂ්පකුමාර මහතාට සහයෝගය දෙමින් අද උදෑසන සිය නාමයෝජනා ඉල්ලා අස්කරගැනීමට සූදානමින් සිටිති. 

හොකී සම්මේලනයේ පසුගිය පාලන සමයේ සභාපති ධුරය දැරූ පී. විශ්වනාතන් මහතා සභාපති අපේක්ෂක කමල් පුෂ්පකුමාර මහතාට සහය පළ කරමින් උපසභාපති ධුරයට තරග වදියි. ඒ අතර එහි හිටපු ලේකම් විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා රෝහණ දිසානායක පාර්ශ්වයට සහය පළ කරමින්  උපසභාපති ධුරයකට ඉදිරිපත්ව සිටියි. 

සභාපති, ලේකම්, භාණ්ඩාරික, උප ලේකම්, උප භාණ්ඩාගාරික යන ධුර හැරෙන්නට උපසභාපති ධුර පහක් සඳහා හොකී නිලවරණය පැවැත්වේ. එහිදී ඡන්දය හිමි ප්‍රාදේශීය හොකී සංගම් ගණන 16කට සීමාවී තිබේ. 

අභියාචනාධිකරණයේ පවරා තිබූ නඩුවෙන් රාජ්‍ය සේවා හොකී සංගමයේ සභාපති මලින් ලියනගේ මහතා  කියා තිබුණේ එහි සාමාජිකයන් වන සභාපති අපේක්ෂකයන් වන කමල් පුෂ්පකුමාර හා දර්ශන විජේසිංහ යන මහත්වරු සිය සංගමයේ අනුමැතියකින් තොරව නාමයෝජනා ඉදිරිපත් කර ඇති බවයි. එය සිය සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් ඔහු අභියාචනාධිකරණයේදී හොකී නිලවරණයට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා සිටිමින් කියා සිටියේය.
ඒ පිළිබඳව සළකා බැලූ අභියාචනාධිකරණය පසුගිය මැයි මාසයේදී කැඳවා තිබූ නිලවරණය වළක්වා ලමින් වාරණ නියෝගයක් දුන්නේය. එය ඉවත් කිරීමත් සමග අද දිනයේදී හොකී නිලවරණය කැඳවීමට නිලවරණ කමිටුව පියවර ගත්තේය. 


අදහස් (0)

රෝහණ හොකී නිලවරණය වර්ජනය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.