Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලිතිජ නැඟී එන කාණ්ඩයේ පෙරමුණට එයි

ලිතිජ නැඟී එන කාණ්ඩයේ පෙරමුණට එයි

Nisanka Sandeepani - 2019 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 16 වැනි සතිය නිමාවන විට ඡන්ද 5379 ක් ලබාගනිමින් නැගී එන පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට එහි දෙවැනි ස්ථානයේ පසුවූ බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහලේ ලිතිජ කල්හාර සමත් වී ඇත. 

ලිතිජ පෙරමුණට පැමිණීමට පෙර එම කාණ්ඩයේ පෙරමුණේ පසුවූ ගම්පහ ශාන්ත පීතර විදුහලේ විෂල් රුක්ෂාන් (ඡන්ද 4553) එහි දෙවැනි ස්ථානය දක්වා ඇද වැටී තිබේ. ගෙවී ගිය සතිය තුළදී ඡන්ද 2357 ක් ලබාගැනීමට ලිතිජ සමත්ව ඇති අතර විසල් රුක්ෂාන්ට, ගෙවී ගිය සතිය තුළදී ලබාගත හැකි වී ඇත්තේ ඡන්ද 269 ක් පමණි. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පවතින ඡන්ද පරතරය 826 කි. 

දහසය වැනි සතිය අවසන් වන විට මුළු ඡන්ද 9705 ක් ලබා තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන සමත්ව සිටියි. ඉකුත් තුළදී ඔහු සිය ඡන්ද ගොන්නට තවත් ඡන්ද 1965 ක් එක්කරගෙන තිබේ. පරණවිතානට වඩා ඡන්ද 6495 ක් පසුපසින් සිටින මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සුඛිත මනෝජ්, මේ වන විට ඡන්ද 3210 ක් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ගෙවීගිය සතිය තුළදී ඔහුට ලබාගැනීමට හැකි වී ඇත්තේ ඡන්ද 149 ක් පමණි. 

කොළඹ නාලන්දා විදුහලේ සහ මීගමුව මාරිස්ටෙලා විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ලක්ෂිත රසාංජන සහ පසිඳු උස්හෙට්ටි ඡන්ද 2928 ක් සහ 2613 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති. 

බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්ව සිටින රත්ගම දේපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී, ඡන්ද 968 ක් ලබා සිටින අතර එම විදුහලේම කවීෂා දිල්හාරි ඡන්ද 687 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය. 

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. 

තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ. 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ 
1 විරාජ් කෞෂල්‍ය, 487, රන්මුතුගම, කඩවත 
2 අමිඳු ඉමාෂ, 29, ගෝනවල, කැලණිය 
3 නාලනී ද ලිව්රා, 390/42, කටුවාපිටිය වත්ත, මීගමුව 
4 ඒ.ආර්.එම්. අඛීල්, බී15-2/4, ද සොයිසා මහල් නිවාස, රත්මලාන 

-036 


අදහස් (0)

ලිතිජ නැඟී එන කාණ්ඩයේ පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.