Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලැක්ලර්ක් වේලාසනින්ම පෙරමුණ ගනී
F -1 ලෝක ශූරතාවලිය 2022

ලැක්ලර්ක් වේලාසනින්ම පෙරමුණ ගනී

editorial - 2022 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆෝමියුලා - I ලෝක ශූරතාවලියේ තරග 2 ක් අවසන් වන විට ශූරතාවක් සහ අනු ශූරතාවක් සමග ලකුණු 45 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ෆෙරාරි කණ්ඩායමේ චාල්ස් ලැක්ලර්ක් සමත්ව සිටියි. බහරේන් ගෝන් ප්‍රී තරගයේ ශූරතාව දිනාගත් ඔහු සෞදි අරාබි ගෝන් ප්‍රී තරගයේ අනු ශූරයා බවට පත්විය. 

ෆෝමියුලා - I ලෝක ශූරතාවලියේ තෙවැනි ගෝන් ප්‍රී තරගය වන ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරගය කිලෝ මීටර් 5.278 ක දුරකින් සමන්විත මෙල්බර්න් ධාවන පථයේදී ලබන ඉරිදා (10 වැනිදා) පැවැත්වේ. එම තරගයට සහභාගි වන ක්‍රීඩකයන් සඳහා හෙට (8 වැනිදා) පුහුණු අදියර දෙකක් පැවැත්වෙන අතර තෙවැනි පුහුණු අදියර සහ සුදුසුකම් ලබාගැනීමේ අදියර (තරග ආරම්භක ස්ථාන සඳහා පැවැත්වෙන කාල ගණනය) සෙනසුරාදා (9 වැනිදා) පැවැත්වීමට නියමිතය. 

මාර්තු මස 27 වැනිදා අවසන් වරට පැවැති සෞදි අරාබි ගෝන් ප්‍රී තරගය ජය ගැනීමට රෙඩ්බුල් රේසිං කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් සමත් වූ අතර ඒ සඳහා ඔහුට පැය 1 යි, විනාඩි 24 යි, තත්පර 19.293 ක කාලයක් ගත විය.

ඔහුට වඩා තත්පර 0.549 ක් පසුපසින් තරගය නිමා කළ චාල්ස් ලැක්ලර්ක් එහි දෙවැනි ස්ථානයටද, තත්පර 8.097 ක් පසුපසින් තරගය නිමා කළ ෆෙරාරි කණ්ඩායමේ කා්ලෝස් සේන්ස් තෙවැනි ස්ථානයටද පත්වූහ. 

ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරගයෙන් අනතුරුව ඉතාලියේ ඉමෝලා ධාවන පථයේදී මෙම මස 24 වැනිදා ඊළඟ තරගය පැවැත්වෙයි. 

-036 


අදහස් (0)

ලැක්ලර්ක් වේලාසනින්ම පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.