Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චෝදනාලාභී පාර්ශ්වයෙන් කිසිදු කරුණු විමසීමක් නොකර ත්‍රිපුද්ගල අභියාචනා කමිටුව ලබා දුන් වාර්තාවට කිසිදු පදනමක් නොමැති බැවින්, එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලේකම් චමින්ද කුමාර මල්ලවආරච්චි මහතා පවසයි.
ඔහුට එරෙහිව කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන විරෝධතාවය හා අල්ලස් කොමිසමට කර තිබෙන පැමිණිල්ල පිළිබඳව ලංකාදීප කළ විමසුමකදී මල්ලවආරච්චි මහතා එසේ පැවසීය.
“වසර 75 ක් වන ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩා ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාව පසුගිය සාග් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනාගත්තා. ඒ විතරක් නොවේ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව සහභාගි කළ ක්‍රීඩා ඉසව් අතරින් පදක්කම් දිනා ගැනීමෙන් සිව්වැනි තැනට පත්වුණේ මල්ලවපොර ක්‍රීඩාවයි”
“එහෙම තත්ත්වයක් ගොඩනගපු වත්මන් සම්මේලන පාලනයට තමයි මේ චෝදනා එල්ල වන්නේ. ඔය මට චෝදනා කරන කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමය විතරක් නෙමේ රටේ මෙතෙක් ක්‍රියාත්මක වුණු දිස්ත්‍රික් සංගම් ක්‍රමය සම්මේලනයේ නව ව්‍යවස්ථාවෙන් අහෝසි කර තිබෙනවා” යයි ද මල්ලවආරච්චි මහතා පැවසීය.
“ඔය මගේ වැරැද්දක්වත් සම්මේලනයේ වැරැද්දක්වත් කියලා කියන්න බෑ. සම්මේලනයේ නව ව්‍යවස්ථාව අප අනුමත කර ගත්තේ 2017 අගෝස්තු 31 වැනිදා පැවති මහ සභා රැස්වීමේදීයි” යයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ අතර පසුගිය දෙසැම්බර් 29 වැනිදා පැවැති විශේෂ මහ සභා රැස්වීමකදී විගණන අනුමැතිය ලැබුණු පසුගිය ගිණුම් වාර්තා (2017-18) දෙකත් අනුමත කර ගත් බවත් මල්ලවපොර සම්මේලනයේ ලේකම්වරයා අවධාරණය කරයි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.