Last Update  :  2024-11-22 18:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලේටන් කුසලාන බොක්සිං තරග අනිද්දා සිට

ලේටන් කුසලාන බොක්සිං තරග අනිද්දා සිට

editorial - 2024 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා බොක්සිං සංගමය 82 වැනි වරට සංවිධානය කරන ලේටන් කුසලාන බොක්සිං ශූරතාවලිය හෙට (1 වැනිදා) සිට එළබෙන 5 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සහ මීගමුව වෙරළ තීරයේදී පැවැත්වේ. තරගාවලියේ මූලික වටයේ තරග කොළඹදීත්, අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරග මීගමුවේදීත් පැවැත්වීමට නියමිතය. 

නොවැම්බර් මස 28 වැනිදා ජෝර්දානයේදී පැවැත්වෙන 12 වැනි ආසියානු එලයිට් බොක්සිං ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමද මෙම තරගාවලිය තුළදී සිදු කෙරෙනු ඇත. එහිදී තෝරාගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආසියානු තරගාවලියට සහභාගි වීමට අමතරව ජෝර්දානයේදී විශේෂ පුහුණුවක් ලබා දීමටද බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා බොක්සිං සංගමය පවසයි. 

ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට වැඩි පිරිසක් සහභාගි වන මෙම තරගාවලිය ජාත්‍යන්තර බොක්සිං සංගමයේ නවතම රීති රෙගුලාසි වලට අනුව පැවැත්වෙන බැවැන් එහිදී පිරිමි බර පංති 13 ක් යටතේද, කාන්තා බර පංති 12 ක් යටතේද තරග පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙනු ඇත. 

ඉකත් වසරේදී පැවැති 81 වැනි ලේටන් කුසලාන බොක්සිං ශූරතාවලියේදී පිරිමි අංශයෙන් රන් පදක්කම් 8 ක් දිනාගැනීමට යුද හමුදාව සමත් වූ අතර කාන්තා අංශයෙන් පදක්කම් රන් පදක්කම් 7 ක් දිනා ගැනීමට ගුවන් හමුදාව සමත්වී ඇත. 


අදහස් (0)

ලේටන් කුසලාන බොක්සිං තරග අනිද්දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.