Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දහසය වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම ජාතික දැල්පන්දු තේරීම් කමිටුව විසින් අද (10) නිර්දේශ කළේය. එය ඊයේම ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතියට යොමු කළ බව ද වාර්තාවේ.
ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ජුලි 28 සිට අගෝස්තු 6 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර දී පැවැත්වෙයි.
අවසන් තේරීම් තරගාවලිය ඒ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවත්විණ.
සිංගප්පූරුවේ දී පසුගිය සැප්තැම්බර් 1 සිට 11 වැනිදා දක්වා පැවති 13 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම තේරීම් තරගාවලියට සහභාගි නොවූ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු හැරෙන්නට එහි සෙසු සියලු ක්‍රීඩිකාවන් කේප්ටවුන් ලෝක ශූරතා තරගාවලියටත් නිර්දේශ වී තිබේ.
ලෝක ශූරතා තේරීම් තරගාවලියට සහභාගි නොවූ ආසියානු තරග සංචාරයට සහභාගි වූ ක්‍රීඩිකාවන් වන්නේ හසිතා මෙන්ඩිස් හා රෂ්මි පෙරේරාය.
කේප්ටවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාව එහි තරග වැදීම ආරම්භ කරන්නේ ජුලි 28 වැනිදා ජැමෙයිකාව සමගයි. ආසියානු ශූරතා තේරීම් තරගාවලියට මෙන්ම මෙම ලෝක ශූරතා තේරීම් තරගාවලිය යටතේ සහභාගි නොවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය දැල්පන්දු විදින්නිය වන තර්ජනී ශිවලිංගම් අද නිර්දේශ කළ 12 දෙනාගේ කණ්ඩායමට ඇතුළත්ව සිටියි. ඇය සෙසු දැල්පන්දු ක්‍රීඩිකාවන් අතරින් කැපී පෙනෙන්නේ දැනටත් ක්‍රියාකාරී ලොව ජ්‍යෙෂ්ඨතම හා උසම දැල්පන්දු ක්‍රීඩිකාව වීමයි.
මේ වන විට 44 හැවිරිදි වියේ පසුවන තර්ජනී ශිවලිංගම් අඩි 6 අඟල් 9ක් උසැති ක්‍රීඩිකාවකි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර දැල්පන්දු තරග ගණනකට සහභාගි වී සිටින ඇය පසුගිය සැප්තැම්බර් මාසයේ සිංගප්පූරැවේදී නිමාවූ ආසියානු තරගාවලියේදීත් දැල්පන්දු විදින්නියන් අතර ඉහළින්ම කැපී පෙනුනාය. මෙය ඇගේ තෙවැනි ලෝක ශූරතා තරග සංචාරයයි.
කෙසේ වුවත් ඇයට ලෝක කුසලාන තරග සංචාරයට සහභාගිවීමට නොහැකි තත්ත්වයක් මතු වුවහොත් ඊට නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ වෙනුවට ක්‍රීඩිකාවක් ද ආදේශ කර තිබේ.
ජාතික දැල්පන්දු තේරීම් කමිටුවේ සභාපතිනි දමයන්ති ජයතිලක මහත්මියගේ සභාපතිත්වයෙන් අද නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස ආසියානු කුසලාන (2022) දිනා දුන් ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය ලබාදුන් ගයංජලී අමරවංශටම පැවරෙනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තාවේ.
ජුලි 29 වැනිදා සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව ද ජුලි 30 දා වේල්සයට එරෙහිව ද ශ්‍රී ලංකාව මූලික වටයේ සෙසු තරග සඳහා සහභාගි වේ.
මෙම ප්‍රතිවාදීන් සියලු දෙනා ලෝක දැල්පන්දු නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට වඩා බොහෝ ඉදිරියෙන් පසුවේ. ආසියාවේ මේ වන විට අංක එක ලබා සිටින ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 14 වැනි ස්ථානයේ පසුවේ.
ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියට යොමු කළ නිර්දේෂිත ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පළමු 12 දෙනා:-
ගයංජලී අමරවංශ, දුලංගි වන්නිතිලක, ගයනි දිසානායක, චතුරංගනි ජයසූරිය, සේමිණි අල්විස්, තිසාලා අල්ගම, ඉමාෂා පෙරේරා හෝ තර්ජනී ශිවලිංගම්, රශ්මි දිව්‍යාංජලී, මල්මි හෙට්ටිආරච්චි, ගයාත්‍රි කෞෂල්‍යා, භාෂිණි ද සිල්වා, ෂානිකා පෙරේරා.
ප්‍රධාන පුහුණුකාරිණි තිලකා ජිනදාස මෙනෙවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.