Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලෝක කුසලාන විනිශ්චයට මහේෂ්

ලෝක කුසලාන විනිශ්චයට මහේෂ්

editorial - 2022 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ නොටිංහැම්හි දී ඊයේ (12) රටවල් 21ක සහභාගිත්වයෙන් ආරම්භ වූ ලෝක කුසලාන ප්‍රවීණයන්ගේ හොකී තරගාවලියේ විනිසුරුවකු ලෙස කටයුතු කිරීම සඳහා මහේෂ් අබේවික්‍රම මහතා ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගියේය.

ඊයේ ආරම්භ වූ තරගාවලිය ලබන ඉරිදා (21) දක්වා නොටින්හැම් නුවරදී පැවැත්වේ. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන්ද කණ්ඩායමක් සහභාගිවී සිටියි.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ජාත්‍යන්තර හොකී විනිසුරුවන් 11 දෙනාගෙන් එක් අයෙකු වන මහේෂ් අබේවික්‍රම මහතා ශ්‍රී ලංකා හොකී විනිසුරු කමිටුවේ හිටපු සභාපතිවරයෙකි. ජාතික තරගමාලා වැඩිම ගණනක තරග විනිශ්චය කිරීමෙන්ද ඔහු වාර්තාවක් පිහිටුවා ඇත. ජාත්‍යන්තර හොකී තරග රැසක්ද විනිශ්චය කළ ඔහු මෙරට පැවති පළමු හොකී තරගය විනිශ්චය කිරීමේ ගෞරවය ද ලබා සිටියි.

සීමාසහිත ඔරේන්ජ් ඉලෙක්ට්‍රික් පෞද්ගලික සමාගමේ විධායක නිලධාරියකු ලෙස වෘත්තියෙන් කටයුතු කරන මහේෂ් අබේවික්‍රම මහතා කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකි.

- 223


අදහස් (0)

ලෝක කුසලාන විනිශ්චයට මහේෂ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.