Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලෝක කුසලාන හොකී තරග විනිශ්චයට මහේෂ් යයි

ලෝක කුසලාන හොකී තරග විනිශ්චයට මහේෂ් යයි

editorial - 2024 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේ ඕක්ලන්ඩි  නුවරදී බ්‍රහස්පතින්දා (7) ආරම්භ වන ලෝක කුසලාන ප්‍රවීණයන්ගේ හොකී තරගාවලියේ විනිසුරුවකු ලෙස කටයුතු කිරීම සදහා ජාත්‍යන්තර හොකී විනිසුරු  මහේෂ් අබේවික්‍රම මහතා ඊයේ (3) දිවයිනෙන් පිටත්ව ගියේය.

නොවැම්බර් 16 වැනිදා දක්වා පැවත්වෙන ඊට රටවල් 82 ක කණ්ඩායම් සහභාගි වෙති.මහේෂ් එංගලන්තයේ නොටින්හැම් හිදී 2022 පැවැති ලෝක කුසලාන හොකී තරගාවලියටද විනිසුරුවරයෙකු ලෙස නිර්දේශ ලැබූවෙකි.

ප්‍රවීණයන්ගේ ලෝක හොකී ශූරතාවලිය ඇතුළුව ඔහු මේ දක්වා ලෝක ශූරතා කාණ්ඩයේ හොකී තරගාවලි 22 කදීම  විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිබේ.

මෙරට පැවැති පළමු ජාත්‍යන්තර හොකී තරගයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමේ භාග්‍යය ලබා ගත් මහේෂ් අබේවික්‍රම මහතා කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවකු  වන අතර ඔරෙන්ජ් ඉලෙක්ට්‍රික් පෞද්ගලික සමාගමේ විධායක නිලධාරියකු ලෙස සේවය කරයි.


අදහස් (0)

ලෝක කුසලාන හොකී තරග විනිශ්චයට මහේෂ් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.