Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විශේෂ මහ සභාවට අතුරු තහනමක්

විශේෂ මහ සභාවට අතුරු තහනමක්

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල ක්‍රිකට් සමාජයේ විශේෂ මහා සභා රැස්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබු පෙත්සමක් සළකා බැලු ගාල්ල අතිරේක දිසා විනිසුරු විෂාන් ඒකනායක මහතා දින 14කට බලපැවැත්වෙන පරිදි එම විශේෂ මහ සභා රැස්වීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරිමට හේතු තිබේනම්  අප්‍රියල් 11 වන දින අධිකරණයේ පෙනි සිට ඉදිරිපත් කරන  ලෙසද වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරිමටද නියෝග කළේය.

කුමාර සමරසිංහ (ගාල්ල ක්‍රිකට් සමාජයේ සභාපති), ගජබා සුසන්ත පිටිගල (ගාල්ල ක්‍රිකට් සමාජයේ ලේකම්), කොඩිතුවක්කු ආරච්චිගේ දිලිප චාර්ල්ස් සිල්වා (ගාල්ල ක්‍රිකට් සමාජයේ ක්‍රීඩා ලේකම්), නිහාල් ධර්මසිරි (ගාල්ල ක්‍රිකට් සමාජයේ භාණ්ඩාගාරික), දුමින්ද කුමාරසිංහ (ගාල්ල ක්‍රිකට් සමාජයේ ක්‍රීඩාපිටි ලේකම්), හසිත රාජපක්ෂ (ගාල්ල ක්‍රිකට්  සාමාජික කමිටු සාමාජික), මහේෂ් සංජිව (ගාල්ල ක්‍රිකට් සමාජයේ කමිටු සාමාජික), අහමඞ් ෂහාන් ජමිල් (ගාල්ල ක්‍රිකට් සමාජයේ කමිටු සාමාජික), ගයාන් සිරිසෝම (ගාල්ල ක්‍රිකට් සමාජයේ කමිටු සාමාජික) යන නමදෙනා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණ. 

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශාන්තිලාල් අබේගුණවර්ධන (ගාල්ල ක්‍රිකට් සමාජයේ හිටපු උප සභාපති), දාසින් ද සිල්වා (ගාල්ල ක්‍රිකට් සමාජයේ හිටපු උප ලේකම්) ජයන්ති ලාල්ද සිල්වා (ගාල්ල ක්‍රිකට් සමාජයේ කමිටු සාමාජික) බන්දුල අතුකෝරල (ගාල්ල ක්‍රිකට් සමාජයේ හිටපු අවන්හල් ලේකම්) යන සිව්දෙනා නම්කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ගාල්ල ක්‍රිකට් සමාජය 1976 දි ආරම්භ කර ඇති අතර එහි ප්‍රධාන කාර්යාලය මේ වනවිට ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පිහිටුවා ඇති බවත්ය. ව්‍යවස්ථාවක් මගින් එය පාලනය වන අතර එහි 24 වන වගන්ති අනුව මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද ඡන්දයේදි 2018 ජූනි මාසයේ සිට 2020 ජූනි දක්වා කාලය සඳහා තමන් මෙම තනතුරු සඳහා පත්වු බවත්ය.

මෙහි වගඋත්තරකරුවන් පිළිවෙළින් උප සභාපති, උප ලේකම්, අවන්හල් සේවක, කමිටු සාමාජික යන තනතුරු දරා සිටි බවත් 2019 පෙබරවාරි මාසයේ 16 වැනි දින කමිටු රැස්වීම පවත්වා තිබියදී ව්‍යවස්ථාවේ අවශ්‍යතාවයන් ඉටු නොකර විශේෂයෙන් සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයන්ද දැනුම්වත් නොකර වගඋත්තරකරුවන් විසින් 2019 පෙබරවාරි 28 වනදින කමිටු රැස්විමක් කැඳවා 2වන පෙත්සම්කරුගේ කමිටු සාමාජිකත්වය තාවකාලිව අත්හිටුවිමට තීරණය කළ බවට 2 වැනි වගඋත්තරකරු විසින් ක්‍රිකට් සමාජයේ ලිපිශිර්ෂයකින් ලිපියක් එවා ඇති බවද එහෙත් එය නිති විරෝධි රැස්විමක් බවදපෙත්සමේ සඳහන් කර ඇත.

එම කමිටු රැස්විමේදි  වගඋත්තරකරුවන් විසින් ගන්නා ලද තිරණ බලරහිත බවට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට දන්වා යැවු බවත් වගඋත්තරකරුවන්ට විනය පරික්ෂණ පැවැත්විමට තිරණය කරඇති බවත් කියා  සිටින පෙත්සම්කරුවන් වගඋත්තරකරුවන් අප්‍රියල් මස 6වනදින සියලුසාමාජිකයින්ට නොදන්වා විශේෂ මහා සභාවක් කැඳවිමට කටයුතු කර ඇති බව දැනගැනිමට තිබෙන නිසා එම රැස්විම වලක්වාලමින් වාරණ නියෝගයක් හා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කරඇත.

කරුණු සලකා බැලු දිසා විනිසුරුවරයා වගඋත්තරකරුවන් පැවැත්විමට සූදානම්කර තිබු මහා සභා රැස්විම එදිනට පැවැත්විම වළක්වාලමින් දින 14 කට බලපැවැත්වෙන පරිදි මෙසේ  අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මේ සම්බන්ධයෙන් විමසුවිට පලමුවන වගඋත්තරකාර ශාන්තිලාල් අබේගුණවර්ධන මහතා කියා සිටියේ මේ හේතුව නිසා සාමාජිකයින්ට සිදුවු අපහසුව පිළිබඳ කණගාටුවන අතර අධිකරණ කටයුතුවලින් පසු හැකි ඉක්මනින්ම රැස්වීම කැඳවීමට පියවර ගන්නා බවය. 

 


අදහස් (0)

විශේෂ මහ සභාවට අතුරු තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.