Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වට පාපැදි තරඟ මාලාවට 500 ක් තරග බිමේ

වට පාපැදි තරඟ මාලාවට 500 ක් තරග බිමේ

editorial - 2022 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉසව් පහකින් සමන්විත ජාතික කාලය මැනීමේ ‘නෙස්ටමෝල්ට්’ ශූරතා කුසලාන ජාතික වට පාපැදි තරඟ මාලාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉරිදා (28) පෙරවරු 8 සිට කොළඹ විහාර මහාදේවි උද්‍යානය වටා මාර්ගයේ දී පැවැත් වේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය නෙස්ලේ ලංකා සමාගමේ ‘නෙස්ටමෝල්ට්’ සන්නාමය යටතේ දෙවැනි වතාවටත් මෙම තරග මාලාවට අනුග්‍රහය දක්වයි.

පාපැදි සම්මේලනය පසුගිය පෙබරවාරි මාසයේ දී පැවැත් වූ ගුවන් හමුදා පාපැදි සවාරියෙන් පසුව සංවිධානය කරන පළමු ජාතික පාපැදි තරඟ මාලාව මෙය වේ. ජයග්‍රාහකයන් සඳහා පදක්කම් හා සහතික පත්‍ර ප්‍රදානය කෙරේ. පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ සඳහා යොදා ගැනෙන තරඟාවලියක් වන බැවින් මෙය ඔවුන්ට අගයෙන් වඩාත් වැදගත් කමක් ගනියි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මේවන විට විධායක සභාව පවත්වාගෙන යන්නේ සභාපතිවරයෙකු නොමැතිවය. එහි සභාපති ධුරය දැරූ විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරය බාර ගැනීමෙන් එම ධුරය තවමත් හිස්ව පවතී.

දශක තුනකට අධික කාලයක් පුරා මෙරට පාපැදි ශූරයෙකු ලෙස නම් දැරූ මේ වන විට පාපැදි පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන පාපැදි  සම්මේලනයේ හිටපු උප සභාපති වරයෙකු වන බී.ජේ. සුමනසේකර මහතාට මෙම තරඟ මාලාවට සමගාමීව උපහාර ප්‍රදානය කිරීමට ද කටයුතු යොදා තිබේ.

ජාතික කාලය මැනීමේ නෙස්ටමෝල්ට් ශූරතා වට පාපැදි තරඟ මාලාවේ පැවැත්වෙන ඉසව් පහත පරිදි වෙයි

පිරිමි කණ්ඩායම් – ස්ටෑන්ඩඩ් (විවෘත)
රේසින් - කනිෂ්ඨ
රේසින් වයස 23 න් පහළ,
රේසින් - සුපිරි,
රේසින් වයස 40 න් ඉහළ
රේසින් වයස 50 ට ඉහළ
කාන්තා කණ්ඩය රේසින් සුපිරි (කාන්තා)


අදහස් (0)

වට පාපැදි තරඟ මාලාවට 500 ක් තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.