Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශ පාපැදි සවාරියේ 11 වැනි අදියර ජයගැනීමට බෙල්ජියමේ වවුට් වැන් ඒර්ට් ඊයේ (7 වැනිදා) සමත් විය. සෝර්ගුස් නගරයේ සිට මලාසීන් නගරය දක්වා කිලෝ මීටර් 198.9 ක දුරකින් සමන්විත වූ එම අදියර නිමා කිරීම සඳහා වැන් ඒර්ට්ට ගත වූ කාලය පැය 5 යි, විනාඩි 17 යි, තත්ත්පර 43 කි.
විසිහය වැනි වියේ පසුවන වැන් ඒර්ට්, ප්‍රංශ පාපැදි සවාරියක අදියරක් ජයගත් සිවුවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඔහු 2019 වසරේ පැවැති ප්‍රංශ පාපැදි සවාරියේ එක් අදියරක් සහ 2020 වසරේ පැවැති ප්‍රංශ පාපැදි සවාරියේ අදියර 2 ක් ජයගැනීමටද සමත්ව සිටියේය. වැන් එර්ට් 2016, 2017 සහ 2018 වසරවලදී පිට පිටම තෙවරක් පාපැදි ලෝක ශූරතාවද දිනූ ක්‍රීඩකයෙකි.
වැන් එ්ර්ටට වඩා විනාඩි 1 යි, තත්ත්පර 14 ක් පසුපසින් තරගය නිමා කළ ප්‍රංශයේ කෙනී එලිසොන්ඩෙසින් සහ නෙදර්ලන්තයේ බවුකේ මෝලමා පිළිවෙලින් දෙවැනියා සහ තෙවැනියා ලෙස 11 වැනි අදියර නිමා කළහ. එහිදී සිවුවැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා හිමිකරගත් ක්‍රීඩකයන් වැන් ඒර්ට වඩා විනාඩි 1 යි, තත්ත්පර 38 ක් පසුපසින් තරගය නිමා කළහ.
11 වැනි අදියර ජයගැනීමට වැන් ඒර්ට් සමත් වුවද, තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමට ස්ලෝවේනියාවේ ටඩෙජ් පොගාකාර් සමත්ව සිටියි. ඒ අනුව ඔහු අද (8 වැනිදා) තරගයේ 12 වැනි අදියර සඳහාද කහ පැහැති බැනියම පැලඳ තරග වදිනු ඇත. මේ දක්වා පැවැති අදියර 11 නිමා කිරීම සඳහා පොගාකාර්ට පැය 43 යි, විනාඩි 44 යි, තත්ත්පර 38 ක කාලයක් ගත වී ඇත.
පොගාකාර්ට වඩා විනාඩි 5 යි තත්පර 18 ක් පසුපසින් සිටින කොලොම්බියාවේ රිගෝබර්ටෝ යුරන් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පොගාකාර්ට වඩා විනාඩි 5 යි,තත්පර 32 ක් පසුපසින් සිටින ඩෙන්මාර්කයේ ජොනාස් වින්ජ්ගාඩ් එහි තෙවැනි ස්ථානයේ රැදී සිටියි.
11 වැනි අදියරේ ජයග්‍රාහකයන්
1 වවුට් වැව් ඒර්ට් (බෙල්ජියම) - පැය 5:17:43
2 කෙනී එලිසොන්ඩෙසින් (ප්‍රංශය) - පැය 5:18:57
3 බවුකේ මෝලමා (නෙදර්ලන්තය) - පැය 5:18:57
4 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 5:19:21
5 රිගෝබර්ටෝ යුරන් (කොලොම්බියාව) - පැය 5:19:21
6 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) - පැය 5:19:21
7 ජොනාස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය) - පැය 5:19:21
8 ඇලෙක්සි ලුට්සෙන්කෝ (කසකස්තානය) - පැය 5:19:39
9 විල්කෝ කෙල්ඩර්මන් (නෙදර්ලන්තය) - පැය 5:19:39
10 එන්රික් මාස් (ස්පාඤ්ඤය) - පැය 5:20:45
සමස්ත තරගයේ ප්‍රතිඵලය
1 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 43:44:38
2 රිගෝබර්ටෝ යුරන් (කොලොම්බියාව) - පැය 43:49:56
3 ජොනාස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය) - පැය 43:50:10
4 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) - පැය 43:50:11
5 බෙන් ඕ'කෝනර් (ඕස්ට්‍රේලියාව) - පැය 43:50:36
6 විල්කෝ කෙල්ඩර්මන් (නෙදර්ලන්තය) - පැය 43:50:54
7 ඇලෙක්සි ලුට්සෙන්කෝ (කසකස්තානය) - පැය 43:51:08
8 එන්රික් මාස් (ස්පාඤ්ඤය) - පැය 43:51:49
9 ගුයිලූම් මාටින් (ප්‍රංශය) - පැය 43:54:07
10 පෙලෝ බිල්බාවෝ (ස්පාඤ්ඤය) - පැය 43:55:06
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.