Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වසර 41 කට පසු ඉන්දියාවට හොකී පදක්කමක්

වසර 41 කට පසු ඉන්දියාවට හොකී පදක්කමක්

editorial - 2021 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ හොකී (පිරිමි) ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ඉන්දියාව අද (5 වැනිදා) සමත් විය. ජර්මනියට එරෙහිව ගෝල 5-4 ක ජයක් වාර්තා කරමින් ඉන්දීය ක්‍රීඩකයෝ එම පදක්කමට හිමිකම් කීහ.

 ඉන්දියාව හොකී ඉසව්වෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගත්තේ වසර 41 කට පසුවය. අවසන් වරට ඔවුන් හොකී ඉසව්වෙන් පදක්කමක් දිනා තිබු‍ණේ 1980 වසරේ රුසියාවේදී පැවැති ඔලිම්පික් උළෙලේදීය.

තරගයේ පළමු කාර්තුව නිමාවට පත්වන විට ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ජර්මනිය සමත් වුවද, දෙවැනි කාර්තුව තුළදී ගෝල 3 ක් ලබාගත් ඉන්දියාව පළමු අර්ධය නිමාවට පත්වන විට තරගය ගෝල 3-3 ක් ලෙස සම තත්ත්වයට පත් කළේය.

තෙවැනි කාර්තුව තුළදී ගෝල 2 ක් ලබාගත් ඉන්දියාව ‍ගෝල 5-3 ක් ලෙස තරගයේ පෙරමුණට පැමිණියේය. අවසන් කාර්තුවේදී ‍ගෝලයක් ලබාගැනීමට ජර්මනිය සමත් වුවද, ඔවුන්ට තරගය අවසන් වන ‍තෙක්ම ඉන්දියාව පසුකර යෑමට නොහැකි විය.

ඉන්දියාව වෙනුවෙන් සිම්රන්ජීත් සිං ගෝල 2 ක් ලබාගත් අතර රුපින්දර් පාල් සිං, හර්දීක් සිං සහ හර්මන්ප්‍රීත් සිං ගෝලය බැගින් ලබාගත්හ. ලූකස් වින්ඩ්ෆඩර්, නිකලස් වෙලන්, බෙනඩික් ෆර්ක් සහ ටිමූර් ඕරස් ‍ජර්මනිය වෙනුවෙන් ගෝල ලබාගත්හ.  

-036


අදහස් (0)

වසර 41 කට පසු ඉන්දියාවට හොකී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.